
චමින්ද වාස් එක්දින හා 20 පිටියෙන් සමු ගන්නා බව අද නිවේදනය කරන ලදි. ඔහු මීට පෙර 2009 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගන්න ලදි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එන්දින ජාත්‍යන්තර තරග 322 ක් ක්‍රීඩා කරමින් කඩුලු 400 ක්ද ලකුණු 2025 ක්ද රැස්කර ඇත. 1994 දී ඉන්දියාවට එරෙහිව රාජ්කොට් හිදී එක්දින වරම් ලබා ගත් ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2008 වසරේ ඉන්දියාවට එරෙහිව කොලඹදීය. ඉන්පසුව ඔහුට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැදවීමක් නොලැබුනු අතර සියල්ලන්ම පාහේ බලාපොරොත්තු වුයේ ඔහු මෑත කාලයේ දක්වූ දක්ෂතා නිසා 2011 ලෝක කුසලානය සදහා ඔහුට කැදවීමක් ලැබෙනු ඇති බවයි. නමුත් එයට නම් නොකල පසු මෙසේ සමු ගැනීමට ඔහු තීරණය කර ඇත.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111 ක්ද T20 තරග 6 කටද සිය දායකත්වය ලබාදී ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ හා එක්දින පිටියේ දෙවනුවට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇත්තේද මොහුය.
Visit This link: " Click"
Awakasha | අවකාශ සිංඩිය
ReplyDeleteසීමා මායිමි නැති ලාංකීය සිංඩිය
http://awakasha.com