Live matches

Friday, January 14, 2011

ඕස්ට්‍රේලියාව ජය ගනී.



ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවති දෙවන 20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද සමත් විය. මේ අනුව තරගාවලිය 1-1 ක් වශයෙන් සම තත්වයේ පසුවේ.

මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 147 ක් රැස් කරන ලදි. එයට පිලිතුරු වශයෙන් එංගලන්තය සිය පන්දුවාර 20 අවසානයේ ලබාගත්තේ කඩුලු 6 ක් දැවී ලකුණු 143 ක් පමණි. තරගයේ වීරයා වශයෙන් පන්දු 33 කදී නොදැවී ලකුණු 53 ක් රැස්කල ඕස්ට්‍රේලියාවේ ආරෝන් ෆින්ච් නම් කරන ලදි.

Monday, January 10, 2011

චමින්ද වාස් ක්‍රිකට් පිටියෙන් සමුගනී.



චමින්ද වාස් එක්දින හා 20 පිටියෙන් සමු ගන්නා බව අද නිවේදනය කරන ලදි. ඔහු මීට පෙර 2009 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගන්න ලදි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එන්දින ජාත්‍යන්තර තරග 322 ක් ක්‍රීඩා කරමින් කඩුලු 400 ක්ද ලකුණු 2025 ක්ද රැස්කර ඇත. 1994 දී ඉන්දියාවට එරෙහිව රාජ්කොට් හිදී එක්දින වරම් ලබා ගත් ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2008 වසරේ ඉන්දියාවට එරෙහිව කොලඹදීය. ඉන්පසුව ඔහුට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැදවීමක් නොලැබුනු අතර සියල්ලන්ම පාහේ බලාපොරොත්තු වුයේ ඔහු මෑත කාලයේ දක්වූ දක්ෂතා නිසා 2011 ලෝක කුසලානය සදහා ඔහුට කැදවීමක් ලැබෙනු ඇති බවයි. නමුත් එයට නම් නොකල පසු මෙසේ සමු ගැනීමට ඔහු තීරණය කර ඇත.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111 ක්ද T20 තරග 6 කටද සිය දායකත්වය ලබාදී ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ හා එක්දින පිටියේ දෙවනුවට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇත්තේද මොහුය.

Visit This link: " Click"

Sunday, January 9, 2011

IPL යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්


  1. මහේල ජයවර්ධන - කොච්න් IPL- $ 1 500 000
  2. ලසිත් මාලිංග - මුම්බායි ඉන්දියන්ස්- $ 800 000
  3. මුත්තයියා මුරලිදරන් - කොචින් IPL- $ 1 100 000
  4. ඇන්ජලෝ මැතිව්ස් - පූනේ වොරියර්ස්- $ 950 000
  5. කුමාර සංගක්කාර - ඩෙකෑන් චාජර්ස්- $ 700 000
  6. තිලකරත්න ඩිල්ෂාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 650 000
  7. නුවන් කුලසේකර - චෙන්නායි සුපර් කිංග්ස්- $ 100 000
  8. තිසර පෙරේරා - කොචින්- $ 80 000
  9. සුරාජ් රන්දිව් - චෙන්නායි සුපර් කිංග්ස්- $ 80 000
  10. නුවන් ප්‍රදීප් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 20 000
Visit This link: http://tinyurl.com/37gkkx4/index.php?u=2623005

IPL වෙන්දේසියේ අවසන් මොහොතේ අලවි වූ ක්‍රීඩකයින්.



මුල් වටයේදී වෙන්දේසි නොවූ ක්‍රීඩකයන් සදහා දෙවනවර පවැත් වූ වෙන්දේසියේදී අලවි වූ ක්‍රීඩකයින්.

  1. ජේසී රයිඩර් - පූනේ වොරියර්ස්- $ 150 000
  2. මුරලි කාර්තික් - පූනේ වොරියර්ස්- $ 400 000
  3. ජුවාන් තෙරෝන් - ඩෙකෑන් චාජර්ස්- $ 85 000
  4. ට්‍රෙවිස් බර්ත් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 20 000
  5. දිමිත්‍රි මැස්කරේනස් - කිංග්ස් පන්ජාබ්- $ 100 000
  6. ජොනතන් වැන්ඩියාර් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්-$ 20 000
  7. මොසස් හෙන් රිකස් - මුම්බායි ඉන්දියන්ස්- $ 50 000
  8. කොලින් ඉන්ග්‍රම් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 100 000
  9. මයිකල් ලාම්බ් - ඩෙකෑන් චාජර්ස්- $ 80 000
  10. නේතන් රිමින්ටන් - කිංග්ස් පන්ජාබ්- $ 20 000
  11. ඒඩන් බ්ලිසර්ඩ් - මුම්බායි ඉන්දියන්ස්- $ 20 000
  12. රොබට් ෆ්‍රයිලින්ක් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 20 000
  13. මොහොමඩ් කයිෆ් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $130 000
නමුත් මෙහිදීද සව්රව් ගංගුලි, ක්‍රිස් ගේල්, සනත් ජයසූරිය වැනි ප්‍රබල ක්‍රීඩකයින් අලවි නොවීම විශේෂත්වයකි.

IPL වෙන්දේසියේ දෙවන දිනයේ ප්‍රථම වරුවේ වෙන්දේසි වූ ක්‍රීඩකයන්


  1. මැතිව් වේඩ් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 100 000
  2. ඩැනියල් ක්‍රිස්ටියන්ස් - ඩෙකෑන් චාජර්ස්- $ 900 000
  3. තිසර පෙරේරා - කොචින්- $ 80 000
  4. අජිත් අගාකාර් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 210 000
  5. කාල් ලැන්ගර්වෙල්ට් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 140 000
  6. විනේ කුමාර් - කොචින්- $ 475 000
  7. අශොක් ඩින්ඩා - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 375 000
  8. මුනාෆ් පටෙල් - මුම්බායි ඉන්දියන්ස්- $ 700 000
  9. ෂෝන් ටේට් - රාජස්තාන් රෝයල්ස්- $ 300 000
  10. උමේෂ් යාදෙව් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 750 000
  11. ක්ලින්ට් මැකේ - මුම්බායි ඉන්දියන්ස්- $ 110 000
  12. ලක්ෂ්මීපති බාලාජි - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 500 000
  13. රූල්ෆ් වැන්ඩර්මවර් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 50 000
  14. ස්ටීවන් ඕ'නීෆ් - කොචින්- $ 20 000
  15. ලූක් පොමිස්බැක් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 50 000
  16. වෙනුගෝපාල් රාඕ - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 700 000
  17. ස්කොට් ස්ටයිරිස් - චෙන්නායි සුපර් කිංග්ස්- $ 200 000
  18. බෙන් හිල්ෆින්හස් - චෙන්නායි සුපර් කිංග්ස්- $ 100 000
  19. ජයදෙව් උනඩ්කාත් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 250 000
  20. මන්පීට් ගෝනි - ඩෙකෑන් චාජර්ස්- $ 290 000
  21. ජෝගින්ද්‍ර ශර්මා - චෙන්නායි සුපර් කිංග්ස්- $ 150 000
  22. වෙයින් පාර්නෙල් - පූනේ වොරියර්ස්- $ 160 000
  23. අභිමාන්යු මිතුන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 260 000
  24. නුවන් කුලසේකර - චෙන්නායි සුපර් කිංග්ස්- $ 100 000
  25. සුදීප් තියාගි - චෙන්නායි සුපර් කිංග්ස්- $ 240 000
  26. සුරාජ් රන්දිව් - චෙන්නායි සුපර් කිංග්ස්- $ 80 000
  27. ඔවේ ෂා - කොචින්- $ 200 000
  28. මයිකල් ක්ලින්ගර් - කොචින්- $ 75 000
  29. රයන් ටෙන් ඩොයිස්කැට් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 150 000
  30. මිචෙල් මාර්ෂ් - පූනේ වොරියර්ස්- $ 290 000
  31. ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්ස් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 80 000
  32. ජෝන් හේස්ටින්ස් - කොචින්- $ 20 000
  33. පන්කජ් සිං - රාජස්තාන් රෝයල්ස්- $ 95 000
  34. ජොහාන් වැන්ඩවාර්ත් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 50 000
  35. ජෙරොම් ටේලර් - පූනේ වොරියර්ස්- $ 100 000