Live matches

Saturday, December 25, 2010

අළු බදුන 4 වන තරගය-ප්‍රථම දිනය එoගලන්තයට



ප්‍රථම දිනය අවසාන වන විට තරගයේ සම්පූර්න අණසක තමන් සතු කර ගනිමින් සිය ප්‍රථම ඉනිම සදහා එoගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 157 ක් රැස් කරගෙන සිටී.

නොදවී ක්‍රීඩා කරන නායක ස්ට්‍රව්ස් ලකුණු 64 ක්ද ඇලෙස්ටියාර් කුක් ලකුණු 80 ක්ද ලබා සිටී. ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිමට රැස් කලේ ලකුණු 98 ක් පමණි. ඒ අනුව එoගලන්තය ඕස්ට්‍රේලියාවට වඩා මේ වන විට ලකුණු 59 ක් ඉදිරියෙන් පසු වේ. හෙට තරගයේ දෙවන දිනයයි.

ඕස්ට්‍රේලියාව ලකුණු 98 කට දැවීයයි.



අළු බදුන ටෙස්ට් තරගමාලාවේ අද මෙල්බර්න් හීදී ආරම්භ වූ 4 වන තරගයේදී ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිමේදී සියලු දෙනා ලකුණු 98 කට දැවී ගියේය. මෙය ඕස්ට්‍රේලියාව සිය මවුබිමේදී මෑත කාලයේදී දැවීගිය අඩුම ලකුණු ගණන වේ.

කාසියේ වාසිය දිනාගත් එoගලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරධනා කල අතර කිසිදු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකුට සාර්ථක වීමට එoගලන්ත පන්දුයවන්නන් ඉඩ නොදුන්හ. මෙම ඉනිමේදී කිසිදු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට අසමත් විය. එoගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජේම්ස් ඇන්ඩර්සන් හා ක්‍රිස් ට්‍රෙම්ලට් කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් විය.

මෙම තරගය දෙපිලටම අතිශය වැදගත් වන අතර මෙවර අළු බදුන හිමි කරගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වේ. මේ වනවිට තරගාඅලියේ දෙපිලම තරග 1 බගින් ජයගෙන් සමතත්වයේ පසුවේ.

ප්‍රථම T20 තරගයෙන් නවසීලන්තයට ජය.



මාස 3 කට පමණ පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්තය අද සමත් විය. ඒ පාකිස්තානය සමග අද ආරම්භ වූ T20 තරගාවලියේ පලමු තරගයෙනි. අද ඕක්ලන්ඩ් හිදී පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඔවුන් සමත් විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිලේ ආරාධනායෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි පාකිස්තානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 143 ක් ලබා ගන්නා ලදි. මෙම ඉනිමේදී සිදුවූ විශේෂ සිදු වීම නම් පකිස්තාන ඉනිමේ 7 වන පන්දු වාරය යැවූ ටිම් සවුති විසින් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමයි.

පිලිතුරු ඉනිම සදහා පිටියට පිවිසි නවසීලන්තය සිය ඉලක්කය පහසුවෙන් හඹායාමට සමත් විය. පන්දුවාර 17.1 අවසානයේ සිය ඉලක්කය කරා යාමට ඔවුන් සමත් විය.

කෙටි ලකුණු පුවරුව

පාකිස්තානය 143/9 20.0
උමාර් ගුල් 30
වහාබ් රියාස් 30
ටිම් සවුති 18/5

නවසීලන්තය 146/5 17.1
මාටින් ගප්ටිල් 54
රෝස් ටේලර් 39*
ෂොහීබ් අක්තාර් 38/3

මේ අනුව තරගාවලියේ තරග 1-0 ක් වශයෙන් නවසීලන්තය ඉදිරියෙන් සිටින අතර තරගාවලියේ 2 වන තරගය දෙසැම්බර් 28 වනදා හැමිල්ටන් හිදී පැවැත්වේ.

2010 වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන්.

2010 වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් 10 දෙනා මෙසේයි.

නම

රට

තරග ගණන

ලකුණු

සාමාන්‍යය

100

1

හෂීම් අම්ලා

ද. අප්‍රිකාව

15

1058

75.57

5

2

විරාත් කෝලි

ඉන්දියාව

25

995

47.38

3

3

AB ඩි විලියර්ස්

ද. අප්‍රිකාව

16

964

80.33

5

4

තිලකරත්න ඩිල්ෂාන්

ශ්‍රී ලoකාව

20

921

51.16

3

5

ඉම්රුල් කායිස්

බoගලිදේශය

27

867

32.11

1

6

කැමරන් වයිට්

ඕස්ට්‍රේලියාව

25

848

44.63

1

7

මයික් හසී

ඕස්ට්‍රේලියාව

24

825

45.83

0

8

ඇන්ඩෘ ස්ට්‍රව්ස්

එoගලන්තය

14

806

57.57

2

9

ශකීබ් අල් හසන්

බoගලිදේශය

27

787

32.79

1

10

මයිකල් ක්ලාක්

ඕස්ට්‍රේලියාව

19

777

55.50

1



Friday, December 24, 2010

2011 වසරේ ශ්‍රී ලoකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරගාවලි.


2011 වසරට ශ්‍රී ලoකා කණ්ඩායම සහභාගි වීමට නියමිත තරගාවලි කාලසටහ මෙසේයි. මෙම කාලසටහනට අනුව ශ්‍රී ලoකාව 2011 වසරේදී ටෙස්ට් තරග 3 බැගින් වන තරගාවලි 4 කට සහාභාගි වීමට නියමිතය. තවද එක්දින තරග 5 බැගින් වන තරගාවලි 4 කටද සහභාගි වේ.

  • එoගලන්තය සමග එoගලන්තයේදී ටෙස්ට් තරග 3 එක්දින තරග 5 - මැයි/ජූලි
  • ඕස්ට්‍රේලියාව සමග ශ්‍රී ලoකාවේදී ටෙස්ට් තරග 3 එක්දින තරග 5 - අගෝස්තු/සැප්තැම්බර්
  • පාකිස්තානය සමග පාකිස්තානයේදී(හෝ ඩුබායි හිදී) ටෙස්ට් තරග 3 එක්දින තරග 5 - ඔක්/නොවැම්බර්
  • දකුණු අප්‍රිකාව සමග දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග 3 එක්දින තරග 5 - දෙසැම්බර්/ජනවාරි
තවද ජනවාරි මස අගදී කොදෙව් කණ්ඩායම සමග කල් දැමූ තරගාවලියද පෙබරවාරි මස ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියද ශ්‍රී ලoකාව සහභාගි වීමට නියමිත තරගාවලියන්ය. මීට අමතරව තවත් එක්දින හා 20 තරග කිහිපයකටද ශ්‍රී ලoකාව සහභාගි වීමට නියමිතය.

Wednesday, December 22, 2010

2010 වසරේ අවසන් ටෙස්ට් තරග කිහිපය- නිවැරදි කිරීමක්.



2010 වසරට නියමිත අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිහිපය මේ සතියේදී ආරම්භ වීමට නියමිතය. 2010 වසරට නියමිත එක්දින ජාත්‍යන්තර තරග මේ වන විට අවසාන වී ඇති අතර තවත් ටෙස්ට් තරග 3 ක් මේ වසරේ පැවැත්වීමට නියමිතය. එම තරග 3 ම දෙසැම්බර් 26 වනදා(බොක්සිo දින) ආරම්භ වීමට නියමිතය. එම තරග 3 මෙසේය.

  1. නවසීලන්තය හා පාකිස්ථානය අතර ඕක්ලන්ඩ් හීදී
  2. ඕස්ට්‍රේලියාව හා එoගලන්තය අතර මෙල්බර්න් හිදී
  3. ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී
නිවැරදි කිරීම

මෙහි සදහන් කල පරිදි ලබන 26 වනදා පාකිස්තානය හා නවසීලන්තය අතර ටෙස්ට් තරගයක් නොපැවැත්වේ. 26 වනදා පැවැත්වෙන්නේ T20 තරගයකි. දෙරට අතර ටෙස්ට් තරගමාලාව ආරම්භ වන්නේ ජනවාරි මස 7 වනදාය.

Tuesday, December 21, 2010

ප්‍රධාන රටවල් කිහිපයක ලෝක කුසලාන සoචිත



2011 ලෝක කුසලානය සදහා වන සිය මූලික සoචිත මේ වන විට බොහෝ රටවල් නිකුත් කර අවසන්ය. පකිස්තානය පමණක් සිය සoචිතය මේ වන තුරු නිකුත් කර නොමැත. එසේ නිකුත් කල ප්‍රධාන රටවල් කිහිපයක සoචිතයන් මෙසේය.

ඕස්ට්‍රේලියාව

රිකීපොන්ටින්, මයිකල් ක්ලාක්, ඩග් බොලින්ජෙර්, ඩැන් ක්‍රිස්ටියන්, ක්ෂේවියර් ඩොරති, කැලම් ෆර්ගසන්, බ්‍රැඩ් හැඩින්, රයන් හැරිස්, ජෝන් හෙස්ටින්, නේතන් හවුරිට්ස්, බ්‍රැඩ් හොජ්, ජේම්ස් හෝප්ස්, ඩේවිඩ් හසී, මයිකල් හසී, මිචෙල් ජොන්සන්, බ්‍රෙට් ලී, ෂෝන් මාර්ෂ්, ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්, ක්ලින්ට් මැකේ, ස්ටීව් ඔ නීෆ්, ටිම් පේන්, ජේම්ස් පැටින්සන්, පීටර් සීඩල්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, ෂොන් ටේට්, ඇඩම් වොජෙස්, ඩේවිඩ් වෝර්නර්, ෂේන් වොට්සන්, කැමරන් වයිට්.

ඉන්දියාව

MS දෝනි, විරේන්ද්‍ර ෂෙවාග්, සචින් ටෙන්ඩුල්කාර්, ගෞතම් ගාම්භිර්, විරාත් කොලී, ‍යුවරාජ් සින්, සුරේෂ් රයිනා, හර්බජාන් සින්, සහීර් ඛාන්, අශිෂ් නේරා, S ශ්‍රීසාන්ත්, මුනාෆ් පටෙල්, ඉශාන්ට් ෂර්මා, විනේ කුමාර්, මුරලි විජේ, රොහිත් ෂර්මා, රවීන්ද්‍ර ජඩේජා, අජින්ක්යා රහානේ, සවුරබ් තිවාරි, ‍යුසුෆ් පතාන්, පාර්තිව් පටෙල්, රවී අශ්වින්, විරිදිමාන් සහා, දිනේශ් කාර්තික්, ශිකර් ධවාන්, අමිත් මිශ්රා, පියුෂ් චවුලා, චේතීශ්වර් පුජාරා, ප්‍රග්යාන් ඔජා, ප්‍රවීන් කුමාර්

එoගලන්තය

ඇන්ඩෘ ස්ට්‍රව්ස්, ජේම්ස් ඇඩම්ස්, ජේම්ස් ඇන්ඩර්සන්, ඉයන් බෙල්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ස්ටුවට් බ්‍රොඩ්, පෝල් කොලින්වූඩ්, ඇලෙස්ටියාර් කුක්, ස්ටිවන් ඩේවිස්, ජේඩ් ඩෙර්න්බැච්, ස්ටීවන් ෆින්, ජේම්ස් හිල්ඩ්‍රෙත්, ක්‍රේග් කීස්වෙටර්, මයිකල් ලාම්බ්, ඉයොන් මෝර්ගන්, සමිත් පටෙල්, කෙවින් පීටර්සන්, ලියාම් ප්ලන්කට්, මැට් ප්‍රයර්, අඩිල් රශිඩ්, අජ්මාල් ෂසාඩ්, ඩැරන් ස්ටිවන්ස්, ග්‍රෙම් ස්වාන්, ජේම්ස් ට්‍රෙඩ්වෙල්, ක්‍රිස් ට්‍රෙම්ලට්, ජොනතන් ට්‍රොට්, ක්‍රිස් වෝක්ස්, ලූක් රයිට්, මයිකල් යාර්ඩි

Monday, December 20, 2010

IPL වෙන්දේසියේ මිල වැඩිම ක්‍රීඩකයන්.



ලබන මස 8-9 දෙදින බැoගලෝර් හිදී පැවැත්වීමට නියමිත IPL ක්‍රීඩක වෙන්දේසියට අදාලව ක්‍රීඩකයන්ගේ ආරම්භක ලන්සු වටිනාකම් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව $400,000 ක ආරම්භක වටිනාකමක් සහිත ක්‍රීඩකයන් මෙසේය.
  • ඇඩම් ගිල්ක්‍රිස්ට්
  • බ්‍රෙට් ලී
  • ෂෝන් මාෂ්
  • ජේම්ස් ඇන්ඩර්සන්
  • ස්ටුවර්ට් බ්‍රෝඩ්
  • ග්‍රැහැම් ස්වාන්
  • ලුක් රයිට්
  • මයිකල් යාර්ඩ්ලි
  • රාහුල් ඩ්‍රාවීඩ්
  • අනිල් කුම්බ්ලේ
  • යුවරාජ් සිo
  • ඩැනියල් විටෝරි
  • බ්‍රෙන්ඩන් මැකලම්
  • රොස් ටේලර්
  • ග්‍රැහැම් ස්මිත්
  • AB ඩි විලියර්ස්
  • මහේල ජයවර්ධන
  • තිලකරත්න ඩිල්ෂාන්
  • බ්‍රයන් ලාරා
  • ක්‍රිස් ගේල්
මෙම කාණ්ඩයට අමතරව ඇති $300,000 කාණ්ඩයට අයත් ප්‍රධාන ක්‍රීඩකයන් මෙසේය.
  • ජැක් කාලීස්
  • ඇන්ඩෘ සයිමන්ඩ්ස්
  • ෂෝන් ටේට්
  • කුමාර සoගක්කාර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • මුත්තයියා මුරලිදරන්
  • සහීර් ඛාන්
  • යුසූෆ් පතාන්
$200,000 කාණ්ඩයට අයත් ප්‍රධාන ක්‍රීඩකයන් මෙසේය.
  • සව්රව් ගoගුලි
  • ගෞතම් ගාම්භීර්
  • මයික් හසී
  • ඩග් බොලින්ජර්
  • ඩර්ක් නැනිස්
  • ඉයොන් මොර්ගන්
  • රොබින් උත්තාපා
  • සනත් ජයසූරිය
මීට අමතරව ඇති $100,000 කාණ්ඩයට අයත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නම් තමීම් ඉක්බාල්, R අශ්වින්, මෝර්නේ මොර්කල්, බෙන් හිල්ෆින්හස්.

මීට අමතරව මෙවර තරගාවලියට සහභාගී නොවන ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නම් මැතිව් හේඩන්, ග්ලෙන් මැක්ග්‍රාත්, රිකී පොන්ටින්, මයිකල් ක්ලාක්, මිචෙල් ජොන්සන් හා ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් දැක්විය හැක. තවද කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකුවත් මෙයට සහභාගි කරගෙන නැත.

1996 ලෝක කුසලාන සින්දුව.... මතකද?

දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්



ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන් හී පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 25 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මේ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 1-0 ක් වශයෙන් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 136 ක් පමණි. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෝර්නේ මෝර්කල් ලකුණු 20 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය. සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකාව කඩුලු 4 කට ලකුණු 620 ක් ලබා ගත් අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජැක් කාලිස් නොදැවී ලකුණු 201 ක්ද හෂීම් අම්ලා ලකුණු 140 ක්ද AB ඩි විලියර්ස් ලකුණු 129 ක්ද ලබා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 484 ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කල ඉන්දියාව දෙවන ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 459 ක් පමණි. එහිදී ඉන්දියාව වෙනුවෙන් සචින් ටෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 111 ක්ද නායක මහෙන්ද්‍ර දෝනි ලකුණු 90 ක්ද ගෞතම් ගාම්භිර් ලකුණු 80 ක්ද රැස් කරන ලදි. මෙහිදී සචින් ලබාගත් ශතකය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 50 වන ශතක වූ අතර ටෙස්ට් ශතක 50 ක් රැස් කල ලොව පලමු ක්‍රීඩකයා බවට ඔහු පත් විය. පන්දු යැවීමේදී ඩේල් ස්ටෙන් කඩුලු 4 ක් බිද හෙලීය.

තරගයේ වීරයා වශයෙන් ජැක් කාලිස් නම් කරන ලදි. දෙරට අතර මීලග තරගය දෙසැම්බර් 26 වනදා ඩර්බන් හිදී ඇරඹීමට නියමිතය.