
අළු බදුන ටෙස්ට් තරගමාලාවේ අද මෙල්බර්න් හීදී ආරම්භ වූ 4 වන තරගයේදී ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිමේදී සියලු දෙනා ලකුණු 98 කට දැවී ගියේය. මෙය ඕස්ට්‍රේලියාව සිය මවුබිමේදී මෑත කාලයේදී දැවීගිය අඩුම ලකුණු ගණන වේ.
කාසියේ වාසිය දිනාගත් එoගලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරධනා කල අතර කිසිදු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකුට සාර්ථක වීමට එoගලන්ත පන්දුයවන්නන් ඉඩ නොදුන්හ. මෙම ඉනිමේදී කිසිදු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට අසමත් විය. එoගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජේම්ස් ඇන්ඩර්සන් හා ක්‍රිස් ට්‍රෙම්ලට් කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් විය.
මෙම තරගය දෙපිලටම අතිශය වැදගත් වන අතර මෙවර අළු බදුන හිමි කරගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වේ. මේ වනවිට තරගාඅලියේ දෙපිලම තරග 1 බගින් ජයගෙන් සමතත්වයේ පසුවේ.
No comments:
Post a Comment