Live matches

Thursday, December 30, 2010

මයිකල් ක්ලාක් ඕස්ට්‍රේලියා නායකත්වයට.


රිකී පොන්ටින්ගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වයට මෙතෙක් උපනායක ධූරය දැරූ මයිකල් ක්ලාක් නම් කර ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමකට නායකත්වය දෙන 43 වන නායකයා වශයෙන් ඔහු නම් වේ.

මේ අතර සිඩ්නි හිදී පැවැත්වෙන අළු බදුන තරගාවලියේ අවසාන තරගය සදහා ඕස්ට්‍රේලියා සoචිතය නම් කර ඇත.

ෂේන් වොට්සන්, පිලිප් හියුග්ස්, උස්මාන් කව්ජා, මයිකල් ක්ලාක්, මයික් හසී, ස්ටීව් ස්මිත්, බ්‍රැඩ් හැඩින්, මිචෙල් ජොන්සන්, පීටර් සීඩල්, බෙන් හිල්ෆින්හස්, ඩග් බොලින්ජෙර්, මයිකල් බියර්

මහේලගෙන් අති සුපිරි ඉනිමක්.


ශ්‍රී ලoකාවේ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගමාලාවේ අද පැවති සින්හල ක්‍රීඩා සමාජය(SSC) හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර පැවති එක්දින තරගයේදී මහේල ජයවර්ධන අතිශය සුපිරි ඉනිමක් දියත් කරනු ලැඹීය. සිoහල ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිසි ඔහු පන්දු 138 කදී නොදැවී ලකුණු 163 ක් ලබා ගන්න ලදි. එයට 4 පහර 22 ක්ද 6 පහර 2 ක්ද අන්තර් ගත් විය. ඔහුගේ මෙම ඉනිම නිසා සිoහල ක්‍රීඩා සමාජයට තරගයේදී පහසු ජයක්ද හිමි විය.

පසුගිය කාලයේදී මහේල එක්දින පිටියේදී දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කල අතර ලෝක කුසලානය ආසන්නයේදී මහේල යලි ලකුණු අතරට පැමිණීම ශ්‍රී ලන්කා කණ්ඩායමට සුබ ලකුණකි.

Wednesday, December 29, 2010

රිකී පොන්ටින් කණ්ඩායමෙන් ඉවතට.

රිකී පොන්ටින් හා උස්මාන් කවුජා

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක රිකී පොන්ටින් අළු බදුන ටෙස්ට් තරගාවලියේ සිඩ්නි හිදී පැවැත්වෙන 5 වන හා අවසාන ටෙස්ට් තරගයෙන් ඉවත්කර තිබේ.

ඇගිල්ලේ ආබාධයක් නිසා මෙසේ ඔහුව ඉවත් කර ඇති බව සදහන් වේ. නමුත් මෙම තරගාවලිය පුරාවටම ඉනිම 8 කදී ඔහු රැස්කර ඇත්තේ ලකුණු113 ක් පමණි. රිකී පොන්ටින් වෙනුවට බොහෝ දුරට කණ්ඩායමට නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තය නියෝජනය කරන උස්මාන් කව්ජා ක්‍රීඩා කිරීමට නියමිතය. එසේ වුවහොත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ පලමු මුස්ලිම් ජාතිකයා බවට කව්ජා පත්වේ. උස්මාන් කව්ජා උපත ලබා ඇත්තේ පාකිස්තානයේදීය.

ඉන්දියාවට ජය.


ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී පැවති 2 වන ටෙස්ට් තරගයෙන් ලකුණු 87 ක් ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 1-1 ක් වශයෙන් සම තත්වයේ පසු වේ.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 205 ක් රැස් කල අතර ඊට පිලිතුරු වශ්යෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය ප්‍රථම ඉනිම සදහා රැස් කර ගත හැකිවූයේ ලකුණු 131 ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 74 ක් ඉදිරියෙන් සිටිමින් සිය 2 වන ඉනිම ඇරඹු ඉන්දියාව 2 වන ඉනිමට සියල්ලන් දැවී ලකුණු 228 ක් රැස් කරන ලදි. ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුණු 303 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ඉනිම 215 කට සීමා විය.

තරගයේ වීරයා වශයෙන් ඉනිම දෙකේදීම ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා (38 & 96) වූ VVS ලක්ෂ්මන් නම් කරන ලදි. දෙරට අතර 3 වන හා අවසාන තරගය ජනවාරි 2 වනදා කේප් ටවුන් හිදී ආරම්භ වේ.

Tuesday, December 28, 2010

එoගලන්තය අළු බදුන රැක ගනී.



ඕස්ට්‍රේලියාව සමග මෙල්බර්න් හිදී පැවති 4 වන ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 157 ක පහසු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එන්ගලන්තය අද සමත් විය. ඒ අනුව ඉදිරි වසර 2 සදහාද අළු බදුනේ අයිතිය එන්ගලන්තයට හිමිවිය. එසේ වන්නේ මීලගට සිඩ්නි හිදී පැවැත්වෙන තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගත්තත් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වන නිසාය. එවැනි අවස්ථාවක (තරගාවලිය සම වීමකදි )ශුරතාව හිමි වන්නේ ඒ මේ තරගාවලියට පෙර අළු බදුන අයත්ව තිබූ කණ්ඩායමටය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිමේදී සියල්ලන් ලකුණු 98 කට දැවී ගිය අතර ඊට පිලිතුරු වශයෙන් එoගලන්තය සිය ප්‍රථම ඉනිමට සියල්ලන් දැවී ලකුණු 513ක් රැස් කරන ලදි. ඒ අනුව එoගලන්තයට වඩා ලකුණු 415 ක් පිටුපසින් සිටිමින් සිය 2 වන ඉනිම ඇරඹු ඕස්ට්‍රේලියානුවන්ගේ 2 වන ඉනිමද ලකුණු 258 කට සීමා විය.

තරගයේ වීරයා වශයෙන් ප්‍රථම ඉනිමේදී නොදැවී ලකුණු 168 ක් රැස් කල ජොනතන් ට්‍රොට් හට හිමි විය. තරගාවලියේ 5 වන හා අවසන් තරගය ජනවාරි මස 3 වනදා සිඩ්නි හිදී ඇරඹේ.

කැනඩා ලෝක කුසලාන සoචිතයට ශ්‍රී ලාoකිකයෙක්


2011 වසරේ ලෝක කුසලානය සදහා කැනඩාව නම් කල 30 දෙනෙකුගෙන් යුත් සoචිතය සදහා ශ්‍රී ලාoකිකයෙකුද ඇතුලත්ව සිටී. ඔහුගේ නම වන්නේ රුවිදු ගුණසේකරයි.

ඔහු මේ වන විට කැනඩාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහභාගිවී ඇත. ඔහු 19 න් පහල ලෝක කුසලානය සදහාද කැනඩා කණ්ඩායම නියෝජනය කර ඇත.ඔහු මෙවර ශ්‍රී ලoකාවේ අන්තර් සමාජ ප්‍රිමියර් තරගාවලියේදී බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. තවද ඔහු මීට පෙර හලාවත මේරියන්ස් පිලද නියෝජනය කර ඇත.

ඔහු කැනඩාව නියෝජනය කල තරග 3 දී පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වා ඇති අතර තරග 3 දී ලකුණු 134 ක් රැස් කල ඔහුගේ ඉනිමක සාමාන්‍ය 44.66 කි.

අළු බදුන 4 වන තරගය-එoගලන්තය ජයග්‍රහණය අභියස.



අළු බදුන තරගමාලාවේ මෙල්බර්න් හිදී පැවැත්වෙන 4 වන තරගයේ 3 වන දිනය අවසාන වනවිට ඕස්ට්‍රේලියාව දැඩි අසීරු තත්වයක පසුවේ. තරගය නවතන විට ඔවුන් සිය 2 වන ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් බේරීම සදහා තවත් ලකුණු 246 ක් ලබා ගත් යුතුය. නමුත් සියල්ල සදහා ඔවුන්ට තවත් ඇත්තේ කඩුලු 4 ක් පමණි.

අද දිනය ආරම්භ වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි එoගලන්තයේ පලමු ඉනිම ලකුණු 513 කට සීමාවිය. එoගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරභයක නිරත වූ ජොනතන් ට්‍රොට් නොදැවී ලකුණු 168 ක් ලබා ගන්නා ලදි. ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 98 ක් පමණි.

හෙට තරගයේ 4 වන දිනයයි.

.

නවසීලන්තයට ජය.



නවසීලන්තය හා පාකිස්තානය අතර තරග 3 කින් සමන්විත 20 තරගමාලාවේ 2 වන තරගයෙන්ද ලකුණු 39 ක ජයක් වාර්තා කිරිමට නවසීලන්තය අද සමත් විය. මේ අනුව තරග 3 කින් සමන්විත තරගමාලාව තරග 2-0 ක් වශයෙන් ජය ගැනීමටද ඔවුන් සමත් විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පලමුව පිටියට පිවිසි නවසීලන්තය සිය ඕවර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 185 ක් රැස් කරන ලදි. එයට පිලිතුරු වශයෙන් පාකිස්තානයට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146 ක් පමණි. තරගයේ වීරයා වශයෙන් ලකුණු 16 කට කඩුලු 4 ක් බිද හෙලූ නේතන් මැකලම් නම් කරන ලදි.

දෙරට අතර 3 වන තරගය 30 වනදා ක්‍රයිස්චච්හිදී පැවැත්වේ.

Monday, December 27, 2010

ඉන්දීය දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය.



ඉන්දීයාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී පැවැත්වෙන 2 වන ටෙස්ට් තරගයේ 2 වන දිනය නිමාවන විට සිය 2 වන ඉනිම ක්‍රීඩා කරන ඉන්දීයාව කඩුලු 4 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටී.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 205 ක් පමණි. ඊට පිලිතුරු ලෙස ප්‍රථම ඉනිමට දකුණු අප්‍රිකාවට රැස්කරගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 131 ක් පමණි. මේ අනුව මේ වන විට ඉන්දියාව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 166 ක් ඉදිරියෙන් සිටී.

මේ අනුව තරගය මේ වන විට දෙපිලටම විවෘතව පවතින අතර තරගයේ 3 වන දිනය වන හෙට දිනයේ උදය වරුව දෙපිලටම අතිශය තීරණාත්මක වේ.

පොන්ටින් දඩ කයි....!! - වීඩියෝව සමග

පොන්ටින් වාදය අතරතුර

ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් හට අළු බදුන ටෙස්ට් තරගමාලාවේ 4 වන තරගයේ තරග ගාස්තුවෙන් 40% ක දඩයක් නියම කිරීමට තරග තීරක රන්ජන් මඩුගල්ල මහතා තීරණය කර ඇත. ඒ පොන්ටින් තරගය අතරතුර පාකිස්තාන විනිසුරු අලීම් ඩාර් සමග විනිසුරු තීරණයක් සම්බන්ධව වාද කිරීමට යාම නිසාය.

මෙහිදී සිදුවුයේ එoගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්ගේ දැවීයාමක් සම්බන්ධව ඕස්ට්‍රේලියානුවන් කල ඉල්ලිමක් ඩාර් විනිසුරු ප්‍රතික්ෂේප කල අතර එම තීරණය අභියෝගයට ලක් කරමින් ඔවුන් 3 වන විනිසුරු සහය(Umpire Review) පැතීය. 3 වන විනිසුරුගේ තීරණය වූයේද එය නොදැවී යාමක් බවයි. මෙහිදී පොන්ටින් 3 වන විනිසුරුගේ තීරණය පිලිබදව අලීම් ඩාර් විනිසුරුට විරෝධය පලකිරීමට යාම නිසා දඩ නියම කිරීම සිදු කරන ලදි.

පොන්ටින් දඩ කයි....!!

පොන්ටින් වාදය අතරතුර

ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් හට අළු බදුන ටෙස්ට් තරගමාලාවේ 4 වන තරගයේ තරග ගාස්තුවෙන් 40% ක දඩයක් නියම කිරීමට තරග තීරක රන්ජන් මඩුගල්ල මහතා තීරණය කර ඇත. ඒ පොන්ටින් තරගය අතරතුර පාකිස්තාන විනිසුරු අලීම් ඩාර් සමග විනිසුරු තීරණයක් සම්බන්ධව වාද කිරීමට යාම නිසාය.

මෙහිදී සිදුවුයේ එoගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්ගේ දැවීයාමක් සම්බන්ධව ඕස්ට්‍රේලියානුවන් කල ඉල්ලිමක් ඩාර් විනිසුරු ප්‍රතික්ෂේප කල අතර එම තීරණය අභියෝගයට ලක් කරමින් ඔවුන් 3 වන විනිසුරු සහය(Umpire Review) පැතීය. 3 වන විනිසුරුගේ තීරණය වූයේද එය නොදැවී යාමක් බවයි. මෙහිදී පොන්ටින් 3 වන විනිසුරුගේ තීරණය පිලිබදව අලීම් ඩාර් විනිසුරුට විරෝධය පලකිරීමට යාම නිසා දඩ නියම කිරීම සිදු කරන ලදි.

මෙම සිදුවීමට අදාල විඩියෝව නැරඹීමට අපගේ මුල් පිටුවට(Home) පිවිසෙන්න.

Sunday, December 26, 2010

අළු බදුන 4 වන තරගය-එoගලන්තය ප්‍රබල තත්වයක


ජොනතන් ට්‍රොට්

අළු බදුන තරගමාලාවේ මෙල්බර්න් හිදී පැවැත්වෙන 4 වන තරගයේ 2 වන දිනය අවසන් වන විට එoගලන්ත පිල අතිශය ප්‍රබල ස්ථානයක පසුවේ. සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඔවුන් දිනය නිමා වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 444 ක් ලබා සිටියේය.

ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිම ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 98 ක් පමණි. ඒ අනුව එoගලන්තය මේ වනවිට ඕස්ට්‍රේලියාවට වඩා ලක්ණු 346 ක් ඉදිරියෙන් පසුවේ.

එoගලන්තය වෙනුවෙන් නොදැවී ක්‍රීඩාකරන ජොනතන් ට්‍රොට් ලකුණු 141 ක්ද මැට් ප්‍රයර් ලකුණු 75 ක්ද ලබා සිටී. හෙට තරගයේ 3 වන දිනයයි.

ටිම් සවුතිගේ කඩුලු ත්‍රිත්වය- වීඩියෝ.