
ඉන්දීයාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී පැවැත්වෙන 2 වන ටෙස්ට් තරගයේ 2 වන දිනය නිමාවන විට සිය 2 වන ඉනිම ක්‍රීඩා කරන ඉන්දීයාව කඩුලු 4 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටී.
කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 205 ක් පමණි. ඊට පිලිතුරු ලෙස ප්‍රථම ඉනිමට දකුණු අප්‍රිකාවට රැස්කරගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 131 ක් පමණි. මේ අනුව මේ වන විට ඉන්දියාව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 166 ක් ඉදිරියෙන් සිටී.
මේ අනුව තරගය මේ වන විට දෙපිලටම විවෘතව පවතින අතර තරගයේ 3 වන දිනය වන හෙට දිනයේ උදය වරුව දෙපිලටම අතිශය තීරණාත්මක වේ.
No comments:
Post a Comment