
අළු බදුන තරගමාලාවේ මෙල්බර්න් හිදී පැවැත්වෙන 4 වන තරගයේ 3 වන දිනය අවසාන වනවිට ඕස්ට්‍රේලියාව දැඩි අසීරු තත්වයක පසුවේ. තරගය නවතන විට ඔවුන් සිය 2 වන ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් බේරීම සදහා තවත් ලකුණු 246 ක් ලබා ගත් යුතුය. නමුත් සියල්ල සදහා ඔවුන්ට තවත් ඇත්තේ කඩුලු 4 ක් පමණි.
අද දිනය ආරම්භ වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි එoගලන්තයේ පලමු ඉනිම ලකුණු 513 කට සීමාවිය. එoගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරභයක නිරත වූ ජොනතන් ට්‍රොට් නොදැවී ලකුණු 168 ක් ලබා ගන්නා ලදි. ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 98 ක් පමණි.
හෙට තරගයේ 4 වන දිනයයි.
.
No comments:
Post a Comment