Live matches

Saturday, January 8, 2011

IPL වෙන්දේසියේ දෙවන දිනය ඇරඹේ. ජයසූරිය මිලට නොගනී.



වෙන්දේසියේ දෙවන දිනය අද ආරම්භ වූ අතර එහි සිදුවූ විශේෂ සිදුවීම වන්නේ පසුගියවර ඉහල මිලකට අලවි වූ සනත් ජයසූරිය මිලට ගැනීමට මෙවර කිසිවෙකු ඉදිරිපත් නොවීමයි. මෙවර ඔහුගේ ආරම්භක මිල වුයේ $ 200 000 කි.

මේ වන විට අද දින වෙන්දේසියේ වෙන්දේසි වූ ක්‍රීඩකයන් මෙසේය.

  1. මැතිව් වේඩ් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 100 000
  2. ඩැනියල් ක්‍රිස්ටියන්ස් - ඩෙකෑන් චාජර්ස්- $ 900 000
  3. තිසර පෙරේරා - කොචින්- $ 80 000
  4. අජිත් අගාකාර් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 210 000
  5. කාල් ලැන්ගර්වෙල්ට් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 140 000
  6. විනේ කුමාර් - කොචින්- $ 475 000
  7. අශොක් ඩින්ඩා - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 375 000
  8. මුනාෆ් පටෙල් - මුම්බායි ඉන්දියන්ස්- $ 700 000
  9. ෂෝන් ටේට් - රාජස්තාන් රෝයල්ස්- $ 300 000
  10. උමේෂ් යාදෙව් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 750 000
  11. ක්ලින්ට් මැකේ - මුම්බායි ඉන්දියන්ස්- $ 110 000
  12. ලක්ෂ්මීපති බාලාජි - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 500 000
  13. රූල්ෆ් වැන්ඩර්මවර් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 50 000
  14. ස්ටීවන් ඕ'නීෆ් - කොචින්- $ 20 000
නවතම විස්තර බලාපොරොත්තු වන්න.

IPL ප්‍රථම දිනයේ වෙන්දෙසියේ සම්පූර්ණ ලයිස්තුව.

IPL වෙන්දේසියේ ප්‍රථම දිනය අවසානයේ ප්‍රතිපල මෙසේය. අද දිනයේ වැඩිම මිලකට අලවි වූ ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවේ ගෞතම් ගාම්භීර්ය. වැඩිම මිලකට අලවි වූ ඉන්දීය නොවන ක්‍රීඩකයා වන්නේ මහේල ජයවර්ධනයි.
  1. ගෞතම් ගාම්භීර් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 2 400 000
  2. යුසූෆ් පතාන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 2 100 000
  3. රොබින් උත්තාපා - පූනේ වොරියර්ස් - $ 2 100 000
  4. රොහිත් ශර්මා - මුම්බායි ඉන්දියන්ස්- $ 2 000 000
  5. ඉර්ෆාන් පතාන් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 1 900 000
  6. යුවරාජ් සිං - පූනේ වොරියර්ස්- $ 1 800 000
  7. සව්රබ් තිවාරි - රෝයල් චලෙන්ජර්ස් බැංගලෝර්- $ 1 600 000
  8. මහේල ජයවර්ධන - කොච්න් IPL- $ 1 500 000
  9. ඩේවිඩ් හසී - කිංග්ස් පන්ජාබ්- $ 1 400 000
  10. ඩේල් ස්ටේන් - ඩෙකෑන් චාජර්ස්- $ 1 200 000
  11. මුත්තයියා මුරලිදරන් - කොචින් IPL- $ 1 100 000
  12. AB ඩි විලියර්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 1 100 000
  13. කැමරන් වයිට් - ඩෙකෑන් චාජර්ස්- $ 1 100 000
  14. ජැක් කාලිස් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 1 100 000
  15. රොස් ටේලර් - රාජස්තාන් රොයල්ස්- $ 1 000 000
  16. ඇන්ජලෝ මැතිව්ස් - පූනේ වොරියර්ස්- $ 950 000
  17. රවීන්ද්‍ර ජඩෙජා - කොචින් IPL- $ 950 000
  18. ජොහාන් බෝතා - රාජස්තාන් රොයල්ස්- $ 950 000
  19. සහීර් ඛාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 900 000
  20. ඇඩම් ගිල්ක්‍රිස්ට් - කිංග්ස් පන්ජාබ්-$ 900 000
  21. ශ්‍රී සාන්ත් - කොචින් IPL - $ 900 000
  22. දිනේශ් කාර්තික් - කිංග්ස් පන්ජාබ්- $ 900 000
  23. පියුශ් චව්ලා - කිංග්ස් පන්ජාබ්- $ 900 000
  24. රවිචන්ද්‍රන් අශ්වින් - චෙන්නයි සුපර් කිංග්ස්- $ 850 000
  25. අශීෂ් නේරා - පූනෙ වොරියර්ස්- $ 850 000
  26. ඇන්ඩෘ සයිමන්ඩ්ස් - මුම්බායි ඉන්දියන්ස්- $ 850 000
  27. සුබ්‍රමනියම් බද් රිනාත් - චෙන්නායි සුපර් කිංග්ස්- $ 850 000
  28. අභිශේක් නායර් - කිංග්ස් පන්ජාබ්- $ 800 000
  29. ප්‍රවීන් කුමාර් - කිංග්ස් පන්ජාබ්- $ 800 000
  30. ඩේවිඩ් වෝර්නර් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 750 000
  31. කුමාර සංගක්කාර - ඩෙකෑන් චාජර්ස්- $ 700 000
  32. ඩග් බොලින්ජර් - චෙන්නයි සුපර් කිංග්ස්- $ 700 000
  33. චෙතිශ්වර් පුන්ජාරා - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 700 000
  34. ඩර්ක් නැන්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 650 000
  35. තිලකරත්න ඩිල්ෂාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 650 000
  36. කෙවින් පීටර්සන් - ඩෙකෑන් චාජර්ස්- $ 650 000
  37. ඩැනියල් විටොරි - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 550 000
  38. රාහුල් ඩ්‍රාවීඩ් - රාජස්තාන් රොයල්ස්- $ 500 000
  39. RP සිං - කොචින් IPL- $ 500 000
  40. ග්‍රැහැම් ස්මිත් - කොචින් - $ 500 000
  41. ප්‍රග්යාන් ඕජා - ඩෙකෑන් චාජර්ස්- $ 500 000
  42. මොර්නේ මොර්කල් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 475 000
  43. බ්‍රෙන්ඩන් මැකලම් - කොචින් IPL- $ 475 000
  44. මනොජ් තිවාරි - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 475 000
  45. ඉශාන්ට් ශර්මා - ඩෙකෑන් චාජර්ස්- $ 450 000
  46. මයිකල් හසී - චෙන්නායි සුපර් කිංග්ස්- $ 425 000
  47. ශකීබ් අල් හසාන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 425 000
  48. බ්‍රැඩ් හොජ් - කොචින්- $ 425 000
  49. ස්ටුවර්ට් බ්‍රොඩ් - කිංග්ස් පන්ජාබ්- $ 400 000
  50. VVS ලක්ෂ්මන් - කොචින් - $ 400 000
  51. බ්‍රෙට් ලී -කොල්කටා නයිට් රයිඩර්ස්- $ 400 000
  52. ජේම්ස් හොප්ස් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 350 000
  53. ඔයින් මොර්ගන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 350 000
  54. රයන් හැරිස් - කිංග්ස් පන්ජාබ්- $ 325 000
  55. කැලම් ෆර්ගසන් - පූනේ වොරියර්ස්- $ 300 000
  56. ආරොන් ෆින්ච් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 300 000
  57. අමිත් මිශ්රා - ඩෙකෑන් චාජර්ස්- $ 300 000
  58. ශිකර් ධවාන් - ඩෙකැන් චාජර්ස්- $ 300 000
  59. JP ඩුමිනි - ඩෙකැන් චාජර්ස්- $ 300 000
  60. පාර්තිව් පටෙල් - කොචින්- $ 290 000
  61. නමාන් ඕජා - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 270 000
  62. ටිම් පේන් - පූනේ වොරියර්ස්- $ 270 000
  63. පෝල් කොලින්වුඩ් - රාජස්තාන් රොයල්ස්- $ 250 000
  64. ඩිවෙයින් බ්‍රාවෝ - චෙන්නායි සුපර් කිංග්ස්- $ 200 000
  65. ස්ටිව් ස්මිත් - කොචින්- $ 200 000
  66. ඩේවි ජේකොබ්ස් - මුම්බායි ඉන්දියන්ස්- $ 190 000
  67. රමේෂ් පවාර් - කොචින් IPL- $ 180 000
  68. ජේම්ස් ෆ්‍රැන්ක්ලීන් - මුම්බායි ඉන්දියන්ස්- $ 100 000
  69. විර්දිමාන් සහා - චෙන්නායි සුපර් කිංග්ස්- $ 100 000
  70. නේතන් මැකලම් - පූනේ වොරියර්ස්- $ 100 000

වෙන්දේසි නොවූ ක්‍රීඩකයින්
  1. සව්රව් ගංගුලි
  2. ක්‍රිස් ගේල්
  3. ජෙසී රයිඩර්
  4. මැට් ප්‍රයර්
  5. මාක් බවුචර්
  6. ග්‍රැහැම් මනූ
  7. හර්ෂල් ගිබ්ස්
  8. ලුක් රයිට්
  9. බ්‍රයන් ලාරා

IPL වෙන්දේසි වූ පන්දු යවන්නන් ලැයිස්තුව.


  1. ඩේල් ස්ටේන් - ඩෙකෑන් චාජර්ස්- $ 1 200 000
  2. මුත්තයියා මුරලිදරන් - කොචින් IPL- $ 1 100 000
  3. පියුශ් චව්ලා - කිංග්ස් පන්ජාබ්- $ 900 000
  4. රවිචන්ද්‍රන් අශ්වින් - චෙන්නයි සුපර් කිංග්ස්- $ 850 000
  5. අශීෂ් නේරා - පූනෙ වොරියර්ස්- $ 850 000
  6. ප්‍රවීන් කුමාර් - කිංග්ස් පන්ජාබ්- $ 800 000
  7. ඩග් බොලින්ජර් - චෙන්නයි සුපර් කිංග්ස්- $ 700 000
  8. ඩර්ක් නැන්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 650 000
  9. ප්‍රග්යාන් ඕජා - ඩෙකෑන් චාජර්ස්- $ 500 000
  10. මොර්නේ මොර්කල් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 475 000
  11. ඉශාන්ට් ශර්මා - ඩෙකෑන් චාජර්ස්- $ 450 000
  12. බ්‍රෙට් ලී -කොල්කටා නයිට් රයිඩර්ස්- $ 400 000
  13. රයන් හැරිස් - කිංග්ස් පන්ජාබ්- $ 325 000
  14. අමිත් මිශ්රා - ඩෙකෑන් චාජර්ස්- $ 300 000
  15. රමේෂ් පවාර් - කොචින් IPL- $ 180 000
  16. නේතන් මැකලම් - පූනේ වොරියර්ස්- $ 100 000

IPL හීදී වෙන්දේසි වූ තුන් ඉරියව් ක්‍රීඩකයින්.



  1. ජේම්ස් හොප්ස් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 350 000
  2. රවීන්ද්‍ර ජඩෙජා - කොචින් - $ 950 000
  3. ශකීබ් අල් හසාන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 425 000
  4. ස්ටුවර්ට් බ්‍රොඩ් - කිංග්ස් පන්ජාබ්- $ 400 000
  5. අභිශේක් නායර් - කිංග්ස් පන්ජාබ්- $ 800 000
  6. ඇන්ජලෝ මැතිව්ස් - පූනේ වොරියර්ස්- $ 950 000
  7. ඩිවෙයින් බ්‍රාවෝ - චෙන්නායි සුපර් කිංග්ස්- $ 200 000
  8. ස්ටිව් ස්මිත් - කෝචී- $ 200 000
  9. ජේම්ස් ෆ්‍රැන්ක්ලීන් - මුම්බායි ඉන්දියන්ස්- $ 100 000

Friday, January 7, 2011

IPL වෙන්දේසිය ඇරඹෙයි. උණුසුම් ප්‍රතිපල.



අද ආරම්භ වූ වෙන්දේසියේ නවතම ප්‍රතිපල මෙසේයි.
  1. ගෞතම් ගාම්භීර් - කොල්කටා නයිට් රයිඩර්ස්- $24 000 000
  2. තිලකරත්න ඩිල්ෂාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 650 000
  3. සහීර් ඛාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 900 000
  4. රොස් ටේලර් - රාජස්තාන් රොයල්ස්- $ 1 000 000
  5. යුසූෆ් පතාන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 2 100 000
  6. කෙවින් පීටර්සන් - ඩෙකෑන් චාජර්ස්- $ 650 000
  7. මහේල ජයවර්ධන - කොච්න් IPL- $ 1 500 000
  8. යුවරාජ් සිං - පූනේ වොරියර්ස්- $ 1 800 000
  9. AB ඩි විලියර්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 1 100 000
  10. කැමරන් වයිට් - ඩෙකෑන් චාජර්ස්- $ 1 100 000
  11. ජැක් කාලිස් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 1 100 000
  12. රොහිත් ශර්මා - මුම්බායි ඉන්දියන්ස්- $ 1 400 000
  13. කුමාර සංගක්කාර - ඩෙකෑන් චාජර්ස්- $ 700 000
  14. ඇන්ඩෘ සයිමන්ඩ්ස් - මුම්බායි ඉන්දියන්ස්- $ 850 000
  15. ඇඩම් ගිල්ක්‍රිස්ට් - කිංග්ස් පන්ජාබ්-$ 900 000
  16. රාහුල් ඩ්‍රාවීඩ් - රාජස්තාන් රොයල්ස්- $ 500 000
  17. ග්‍රැහැම් ස්මිත් - කොචින් - $ 500 000
  18. රොබින් උත්තාපා - පූනේ වොරියර්ස් - $ 2 100 000
  19. ජොහාන් බෝතා - රාජස්තාන් රොයල්ස්- $ 950 000
  20. VVS ලක්ෂ්මන් - කොචින් - $ 400 000
  21. ඩැනියල් විටොරි - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 550 000
  22. බ්‍රෙන්ඩන් මැකලම් - කොචින් IPL- $ 475 000
  23. ශ්‍රී සාන්ත් - කොචින් IPL - $ 900 000
  24. ඉර්ෆාන් පතාන් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 1 900 000
  25. RP සිං - කොචින් IPL- $ 500 000
අද සිදු වූ විශේෂ සිදුවීම වන්නේ ක්‍රිස් ගේල් හා සව්රව් ගංගුලි සදහා ගැනුම් කරුවන් ඉදිරිපත් නොවීමයි.
නවතම විස්තර බලාපොරොත්තු වන්න.

අළු බදුන තරගාවලියේ ඡායාරූප හා වීඩියෝ








අවසාන තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය


ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි.(අවසාන 15)



2011 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කරන ලදි.

  1. කුමාර සංගක්කාර (නායක )
  2. මහේල ජයවර්ධන (උප නායක )
  3. තිලකරත්න ඩිල්ෂාන්
  4. උපුල් තරංග
  5. චාමර සිල්වා
  6. චාමර කපුගෙදර
  7. තිලාන් සමරවීර
  8. ඇන්ජලෝ මැතිව්ස්
  9. තිසර පෙරේරා
  10. නුවන් කුලසේකර
  11. ලසිත් මාලිංග
  12. දිල්හාර ප්‍රනාන්දු
  13. මුත්තයියා මුරලිදරන්
  14. අජන්ත මෙන්ඩිස්
  15. රංගන හේරත්

Thursday, January 6, 2011

එංගලන්තය ඉතිහාසය අලුත් කරයි.



වසර 25 කට පසු ඕස්ට්‍රේලියාව තුලදී අළු බදුන ශුරතාවක් ජයග්‍රහණය කිරීමට එංගලන්තය අද සමත් විය. ඔවුන් තරගාවලිය ජයගත්තේ තරග 3-1 ක් වශයෙනි. එහි ඇති විශේෂතිවය වන්නේ එංගලන්තය ජයගත් තරග 3 ම ඉනිමකින් ජය ගැනීමය. එය අළු බදුන ඉතිහාසයේ නව වාර්තවකි.

අද තරගය ඔවුන් ජය ගත්තේ ඉනිමකින් හා ලකුණු 83 කිනි. ඕස්ට්‍රේලියාව සිඩ්නි හිදී ටෙස්ට් තරගයක් පරාජයට පත් වූයේ 2003 වසරට පසුය. අද තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා වශයෙන් එංගලන්තයේ ඇලෙස්ටියාර් කුක් නම් කරන ලදි. ඔහු තරගාවලිය පුරාවට ඉනිම 7 කදී ලකුණු 750 කට වඩා රැස් කල අතර ඊට ද්විත්ව ශතකයක් ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් රැස්කරන ලදි. එයද අළු බදුන ඉතිහාසයේ නව වාර්තාවකි.

කුක්ට අමතරව තරගාවලියෙදී එංගලන්තය වෙනුවෙන් නායක ඇන්ඩෘ ස්‍රවුස්, ජොනතන් ට්‍රොට්, කෙවින් පීටර්සන්, ඉයන් බෙල්, මැට් ප්‍රයර් පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූහ. එංගලන්ත පන්දුයවන්නන් අතර ජේම්ස් ඇන්ඩෙර්සන්, ක්‍රිස් ට්‍රෙම්ලට් හා ටිම් බ්‍රෙස්නන් අති විශිෂ්ට දස්කම් ප්‍රදර්ෂනය කලහ.

දෙරට අතර මීලගට T20 තරගාවලියක් හා එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය ජනවාරි 12 වනදා ආරම්භ වීමට නියමිතය.

එංගලන්තය ජයග්‍රහණය අභියස.



වසර 25 කට පමණ පසු ඕස්ට්‍රේලියාවේදී අළු බදුන ශූරතාවක් හිමිකර ගැනීමට එංගලන්තය ආසන්නයේ සිටී. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 3 ක් දවා ගැනීම පමණි.

සිඩ්නි හිදී පවැත්වෙන 5 වන ටෙස්ට් තරගයේ 4 වන දිනය අවසාන වන විට ඕස්ට්‍රේලියාව සිය 2 වන ඉනිම සදහා කඩුලු 7 ක් දැවී ලකුණු 213ක් ලබා සිටී. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සදහා ඔවුන් තවත් ලකුණු 161 ක් ලබා ගත යුතුය. සිය ප්‍රථම ඉනිම සදහා ඕස්ට්‍රේලියාව සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 280 ක් පමණි. ඊට පිලිතුරු වශයෙන් එංගලන්තය ප්‍රථම ඉනිමට සියල්ලන් දැවී ලකුණු 644 ක් රැස් කරන ලදි. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඇලෙස්ටියාර් කුක් ලකුණු 189 ක් රැස් කරගන්නා ලදි. මේ වනවිට කුක් මෙවර අළු බදුන තරගාවලියේදී ලකුණු 750 කට වඩා රැස්කර අති අතර එය අළු බදුන ඉතිහාසයේ තරගාවලියකදී ක්‍රීඩකයෙකු රැස් කල දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. එංගලන්ත ඉනිම වෙනුවෙන් මීට අමතරව ඉයන් බෙල් ලකුණු 115 ක්ද මැට් ප්‍රයර් ලකුණු 118 ක්ද රැස් කරන ලදි.

Tuesday, January 4, 2011

සංගක්කාරගෙනුත් ශතකයක්.



අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගමාලවේ අද පැවති තරගයකදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර ශතකයක් වාර්තා කරන ලදි. ඔහු ක්‍රීඩා සමාජය හා ලංකන්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේදී NCC පිල වෙනුවෙන් පන්දු 140 කදී 4 පහර 11 ක් සමග ලකුණු 133 ක් වාර්තා කරන ලදි.

මේ අතර අද පැවති තවත් තරගයකදී තිලකරත්න ඩිල්ෂාන් පිට පිටම වාර්තා කල 2 වන ශතකයද වාර්තා කිරීමට සමත් විය. ඔහු අද බදුරලිය කණ්ඩායම සමග පැවති තරගයේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරමින් පන්දු 60 කදී වේගවත් ලකුණු 100 ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට 4 පහර 16 ක්ද 6 පහර 3 ක්ද අන්තර්ගත විය.

මේ අනුව මෙවර තරගවාරයේදී ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන සියලුම පිතිකරුවන් පාහේ ලකුණු අතර සිටින අතර මෙලෙස ලෝක කුසලානය ආරම්භයට දින කිහිපයක් තිබියදී අපගේ ප්‍රධාන පිතිකරුවන් ලකුණු අතර සිටීම අතිශය සතුටුදායක කාරණයකි.

Monday, January 3, 2011

ඩිල්ෂාන්ගෙනුත් සුපිරි ඉනිමක්.



අද අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රීඩා සමාජය අතර පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවතී එක්දින තරගයකදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99 කදී නොදැවී ලකුණු 133 ක් රැස් කර ගන්නා ලදි. මෙම ඉනිමට 4 පහර 21 ක්ද 6 පහර 3 ක්ද ඇතුලත් විය. මෙවර තරගමාලවේදී ඩිල්ෂාන්ගේ පිත්ත පලමු වරට අද ක්‍රියාත්මක විය.

මෙවර තරගමාලවේ දෙවන සතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර මේ වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන බොහෝ පිතිකරුවන් ශතක වාර්තා කර ඇත. ඒ අතර උපුල් තරංග, මහේල ජයවර්ධන, චාමර කපුගෙදර ප්‍රධාන වේ. මෙසේ ලෝක කුසලානය ආසන්නයේ අපගේ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම අතිශය වැදගත් වේ.

අළු බදුන පස්වන තරගය.



අළු බදුන ටෙස්ට් තරගමාලාවේ අවසාන තරගය අද සිඩ්නි හිදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. අද තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මයිකල් බියර් හා උස්මාන් කව්ජා ටෙස්ට් වරම් හිමිකරගන්නා ලදි. ඒ අනුව කව්ජා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් පලමු මුස්ලිම් ජාතිකයා බවට පත් විය.

අද දිනය නිමාවන විට ඕස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියේය. හෙට තරගයේ දෙවන දිනයයි.

මේ වන විටත් ඉදිරි වසර 2 හි අළු බදුනේ හිමිකාරීත්වය එංගලන්තය හිමි කරගෙන සිටී. තවද 1986 වසරෙන් පසු ඕස්ට්‍රේලියාවේදී අළු බදුන ශූරතාවක් හිමිකර ගැනීමේ අවස්ථාවද මේ වන විට එංගලන්තයට හිමිව තිබේ.