Live matches

Monday, January 3, 2011

අළු බදුන පස්වන තරගය.



අළු බදුන ටෙස්ට් තරගමාලාවේ අවසාන තරගය අද සිඩ්නි හිදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. අද තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මයිකල් බියර් හා උස්මාන් කව්ජා ටෙස්ට් වරම් හිමිකරගන්නා ලදි. ඒ අනුව කව්ජා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් පලමු මුස්ලිම් ජාතිකයා බවට පත් විය.

අද දිනය නිමාවන විට ඕස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියේය. හෙට තරගයේ දෙවන දිනයයි.

මේ වන විටත් ඉදිරි වසර 2 හි අළු බදුනේ හිමිකාරීත්වය එංගලන්තය හිමි කරගෙන සිටී. තවද 1986 වසරෙන් පසු ඕස්ට්‍රේලියාවේදී අළු බදුන ශූරතාවක් හිමිකර ගැනීමේ අවස්ථාවද මේ වන විට එංගලන්තයට හිමිව තිබේ.

No comments:

Post a Comment