Live matches

Tuesday, January 4, 2011

සංගක්කාරගෙනුත් ශතකයක්.



අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගමාලවේ අද පැවති තරගයකදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර ශතකයක් වාර්තා කරන ලදි. ඔහු ක්‍රීඩා සමාජය හා ලංකන්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේදී NCC පිල වෙනුවෙන් පන්දු 140 කදී 4 පහර 11 ක් සමග ලකුණු 133 ක් වාර්තා කරන ලදි.

මේ අතර අද පැවති තවත් තරගයකදී තිලකරත්න ඩිල්ෂාන් පිට පිටම වාර්තා කල 2 වන ශතකයද වාර්තා කිරීමට සමත් විය. ඔහු අද බදුරලිය කණ්ඩායම සමග පැවති තරගයේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරමින් පන්දු 60 කදී වේගවත් ලකුණු 100 ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට 4 පහර 16 ක්ද 6 පහර 3 ක්ද අන්තර්ගත විය.

මේ අනුව මෙවර තරගවාරයේදී ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන සියලුම පිතිකරුවන් පාහේ ලකුණු අතර සිටින අතර මෙලෙස ලෝක කුසලානය ආරම්භයට දින කිහිපයක් තිබියදී අපගේ ප්‍රධාන පිතිකරුවන් ලකුණු අතර සිටීම අතිශය සතුටුදායක කාරණයකි.

No comments:

Post a Comment