Live matches

Thursday, January 6, 2011

එංගලන්තය ඉතිහාසය අලුත් කරයි.



වසර 25 කට පසු ඕස්ට්‍රේලියාව තුලදී අළු බදුන ශුරතාවක් ජයග්‍රහණය කිරීමට එංගලන්තය අද සමත් විය. ඔවුන් තරගාවලිය ජයගත්තේ තරග 3-1 ක් වශයෙනි. එහි ඇති විශේෂතිවය වන්නේ එංගලන්තය ජයගත් තරග 3 ම ඉනිමකින් ජය ගැනීමය. එය අළු බදුන ඉතිහාසයේ නව වාර්තවකි.

අද තරගය ඔවුන් ජය ගත්තේ ඉනිමකින් හා ලකුණු 83 කිනි. ඕස්ට්‍රේලියාව සිඩ්නි හිදී ටෙස්ට් තරගයක් පරාජයට පත් වූයේ 2003 වසරට පසුය. අද තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා වශයෙන් එංගලන්තයේ ඇලෙස්ටියාර් කුක් නම් කරන ලදි. ඔහු තරගාවලිය පුරාවට ඉනිම 7 කදී ලකුණු 750 කට වඩා රැස් කල අතර ඊට ද්විත්ව ශතකයක් ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් රැස්කරන ලදි. එයද අළු බදුන ඉතිහාසයේ නව වාර්තාවකි.

කුක්ට අමතරව තරගාවලියෙදී එංගලන්තය වෙනුවෙන් නායක ඇන්ඩෘ ස්‍රවුස්, ජොනතන් ට්‍රොට්, කෙවින් පීටර්සන්, ඉයන් බෙල්, මැට් ප්‍රයර් පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූහ. එංගලන්ත පන්දුයවන්නන් අතර ජේම්ස් ඇන්ඩෙර්සන්, ක්‍රිස් ට්‍රෙම්ලට් හා ටිම් බ්‍රෙස්නන් අති විශිෂ්ට දස්කම් ප්‍රදර්ෂනය කලහ.

දෙරට අතර මීලගට T20 තරගාවලියක් හා එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය ජනවාරි 12 වනදා ආරම්භ වීමට නියමිතය.

No comments:

Post a Comment