Live matches

Friday, January 28, 2011

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට.


තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීම සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (28) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. පසුගිය වසරේ වර්ෂාව නිසා කල්දැමූ තරගාවලිය මේසේ පැවැත්වේ.

තරගාවලියට සහභාගීවන දෙරටේම සංචිත වලට ලෝක කුසලානය සදහා නම් කල ක්‍රීඩකයින් 15 දෙනා ඇතුලත් වේ. තරගාවලිය ලබන 31 වනදා ආරම්භ වන අතර තරග 3 ම කොලඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී දිවා තරග වශයෙන් පැවැත්වේ. තරගාවලියේ අනෙක් තරග දෙක පෙබරවාරි 3 හා 6 යන දිනවලදී පැවැත් වේ.