

නෙදර්ලන්ත කණ්ඩායම සමග අද SSC පිටියේදී පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 156 පහසු ජයක් හිමි විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 351 ක් රැස් කර ගැනීමට සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඩිල්ෂාන් ලකුණු 78, තිලාන් සමරවීර ලකුණු 60, චාමර සිල්වා ලකුණු 54, චාමර කපුගෙදර ලකුණු 50 හා උපුල් තරංග ලකුණු 47 ක් රැස් කරන ලදි.
පිලිතුරු ඉනිම සදහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 47.3 අවසානයේ සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 195 ක් පමණි. පන්දු යැවීමේදී දිල්හාර ප්‍රනාන්දු ලකුණු 43 කට කඩුලු 4 ක් බිද හෙලීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහභාගි වන මීලග පෙරහුරු තරගය පෙබ.15 වනදා කොදෙව් කණ්ඩායම සමග ප්‍රේමදාස පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ