
එලඹෙන ලෝක කුසලානය අවසානයේ තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව මුත්තයියා මුරලිදරන් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. ඔහු මීට පෙර පසුගිය වසරේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරන ලදි.
ක්‍රිකට් ඉතිහාසයේ එක්දින හා ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති පන්දු යවන්නා වන්නේද මුරලිය. ඔහු ටෙස්ට් කඩුලු 800 ක්ද එක්දින කඩුලු 517 ක්ද මේ වන විට දවාගෙන ඇත.
ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තද IPL තරගාවලියට හා එංගලන්ත ප්‍රාන්ත තරග වලට සහභාගි වීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කලේය. තවද ජාත්‍යන්තර පිටියෙන් සමුගත් පසු හිටපු ඉන්දීය පාදග පන්දුයවන්නෙකු වන අනිල් කුම්බ්ලේ සමග එකතුව බැංගලෝර්හී දග පන්දු යවන්නන් සදහා ඇකඩමියක් ඇරඹීමට බලපොරොත්තු වනබවද මීට පෙර මුරලි ප්‍රකාශ කර තිබිණි.