Live matches

Saturday, December 11, 2010

2010 වසරේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය අද.



2010 වසරේ පැවත්වෙන අවසන් ජාත්‍යන්තර එක්දින තරගය අද පැවත්වේ. ඒ බoගලාදෙශය හා සිම්බාබ්වේ අතර තරගාවලියේ අද චිතගොන් හී පැවැත්වෙන 5 වන හා අවසාන තරගයයි. 2010 වසර තුලදී ජාත්‍යන්තර එක්දින තරග 141ක් පවත්වා තිබේ.

මේ වන විට බoගලාදෙශය තරගමාලාව 2-1ක් වශයෙන් ඉදිරියෙන් සිටී. මේ තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

Friday, December 10, 2010

අවසන් තරගයත් ඉන්දියාවට.



නවසීලන්ත ඉන්දියා තරග 5 කින් සමන්විත එක්දින තරගමාලාවේ 5 වන තරගයෙන්ද කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.මේ අනුව තරග මාලාව තරග 5-0 ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.

අද කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා මුලින් පන්දුවට පහරදීමට තීරණය කලද ඔවුන් සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 103ක් පමණි. එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

තරගයේ වීරයා වශයෙන් යුවරාජ් සිoද තරගාවලියේ වීරයා වශයෙන් නායක ගෞතම් ගාම්භීර්ද නම් කරනු ලැබීය.

කෙටි ලකුණු පුවරුව

නවසීලන්තය 103/10 27.0
ස්කොට් ස්ටයිරිස් 24
රවිචන්ද්‍ර අශ්වින් 24/3

ඉන්දියාව 107/2 21.1
පාර්තිව් පටෙල් 56*
යුවරාජ් සිo 42*

බoගලාදෙශය හා සිම්බබ්වේ අතර තරගය අත්හැර දමයි.


පිටියේ පවතින තෙත බරිත ස්වභාවය නිසා දෙරට අතර පැවැත්වීමට නියමිත වූ 4 වන එක්දින තරගය කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කරන ලදි.

දෙරට අතර තරගාවලියේ අවසන් තරගය 12 වනදා පැවැත්වීමට නියමිතය.

Thursday, December 9, 2010

අළු බඳුන 3 වන තරගයට ඔස්ට්‍රේලියා සoචිතය නම් කරයි.



අළු බඳුන තරඟ මාලාවේ පර්ත් හිදී ලබන 16 වනදා ආරම්භ වන 3 වන ටෙස්ට් තරගය සදහා වන දොලොස් දෙනෙකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු සoචිතය අද(10) නම් කරන ලදි.

රිකී පොන්ටින්(c), මයිකල් ක්ලාක්, ෂේන් වොට්සන්, මයික් හසී, පිල් හියුග්ස්, බ්‍රැඩ් හැඩින්(wk), ස්ටීව් ස්මිත්, මිචෙල් ජොන්සන්, රයන් හැරිස්, පීටර් සීඩල්, මයිකල් බයර්, බෙන් හිල්ෆින්හස්

මේ අනුව 2වන තරගයට ක්‍රීඩා කල මාකස් නෝත්, ෂේවියර් ඩොරති සoච්තයෙන් ඉවත් කර ඇති අතර 2 වන තරගය අතරතුර ආබාධයකට ලක් වූ සයිමන් කැටිච් වෙනුවට පිල් හියුග්ස් නම් කර ඇත.

ඉන්දියා නවසීලන්ත,බoගලාදේශ සිම්බබ්වේ එක්දින තරග අද.



ඉන්දියාව හා නාවසීලන්තය අතර එක්දින තරගමාලාවේ අවසාන එක්දින තරගය අද(10) චෙන්නායි හීදී පැවැත්වේ. මේ වන විටත් තරගාවලිය ඉන්දියාව විසින් 4-0 ක් වශයෙන් ජයග්‍රහණය කර ඇත.

අද තරගය නවසීලන්තයට අතිශය වැදගත් අතර මේ වන විට ඔවුන් අවසන් වරට සහභාගී වූ ජාත්‍යන්තර එක්දින තරග 8 ම පරාජය වී ඇත. ඔවුන් ඉන්දීය තරගාවලියට පෙර බoගලාදේශයේදී සහභාගී වූ එක්දින තරගාවලියද 4-0 ක් වශයෙන් පරාජයට පත් විය.

මේ අතර බoගලාදෙශය හා සිම්බබ්වේ අතර පැවැත්වෙන එක්දින තරගමාලාවේ 4 වන තරගය අද(10) චිතගොන් හීදී පැවැත්වේ. මේ වන විට බoගලාදෙශය තරගමාලාවේ තරග 2-1 ක් වශයෙන් ඉදිරියෙන් පසු වේ.

Wednesday, December 8, 2010

ශ්‍රී ලoකා කොදෙව් එක්දින තරගමාලාව අත්හිටුවයි.



ශ්‍රී ලoකාව හා කොදෙව් කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිතව තිබූ එක්දින තරගමාලාව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. දිවයිනට බලපා ඇති අයහපත් කලගුණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. දෙරට අතර පැවති ටෙස්ට් තරග මාලාවටද වර්ෂාවෙන් දැඩි බාධා අති විය.

නමුත් ඊයේ රාත්‍රීයේ වාර්තා වූයේ තරගාවලිය අත්හිටුවීමට ගත් තීරණය වෙනස් කල බවයි. අද දිනයේද ක්‍රීඩාoගනයට අධික වර්ෂාවක් පතිතවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව වාර්තා වේ.

පැවත්වීමට තිබූ තරගාවලිය වෙනුවට ලබන ජනවාරි මස අගදී දෙරට අතර තරග 3කින් සමන්විත තරගාවලියක් පැවත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Tuesday, December 7, 2010

ජයග්‍රහණය ඉන්දියාවට.



ඉන්දු නවසීලන්ත 4 වන එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. ලකුණු 316 ක ඉලක්කය පන්දුවාර 48.5 කදී ලබා ගැනීමට ඔවුන් සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ යුසූෆ් පතන් නොදැවී ලකුණු 123 ක් ලබා ගැනීමට සමත් විය.මෙය ඔහුගේ මoගල එක්දින ශතකයයි. ඔහු තරගයේ වීරයා වශයෙන්ද නම් කරනු ලැබීය.

මේ අනුව ඉන්දියාව තරගාවලිය 4-0 ක් වශයෙන් ඉදිරියෙන් පසු වේ. දෙරට අතර අවසන් තරගය දෙසම්බර් 10 වනදා චෙන්නායි හිදී පවැත්වේ.

ෆ්‍රැරැන්ක්ලීන්ගෙන් සුපිරි ඉනිමක්.



නවසීලන්ත ඉන්දියා බැන්ගලෝර් හිදී පැවැත්වෙන 4 වන එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය පදුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 315 ක් රැස් කරන ලදි.

තරගාවලිය පුරාවටම අසාර්ථකවූ නවසීලන්ත පිතිකරුවන් අද ආරම්භයේ සිටම සුපිරි පිතිහරඹයක නිරත විය.නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජේම්ස් ෆැරැන්ක්ලීන් පන්දු 69 කදී ලකුණු 98 ක් නොදැවී ලබා ගන්නා ලදී. ඊට අමතරව ස්කොට් ස්ටයිරිස් ලකුණු 46 ක් ද රොස් ටේලර් ලකුණු 44 ක්ද බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 42 ක්ද ලබා ගන්නා ලදී.

ජයග්‍රහණයට ඉන්දියවට පන්දුවාර 50 කදී ලකුණු 316 ක් ලබා ගත යුතු අතර ඒ සදහා පන්දුවාරයකට දල වශයෙන් 6.32 දල වේගයක් රදවා ගත යුතුය.

Monday, December 6, 2010

කොදෙව් එක්දින කණ්ඩායම


ශ්‍රී ලoකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කල කොදෙව් කණ්ඩායම මෙසේයි.

ඩැරන් සාමි (නායක)
ක්‍රිස් ගේල්
ශිවනරීන් චන්ද්‍රපෝල්
ඒඩ්‍රියන් බරත්
ඩිවෙයින් බ්‍රවෝ
ඩැරන් බ්‍රවෝ
කිරන් පොලාර්ඩ්
කාල්ටන් බෝ
සුලෙයිමාන් බෙන්
කිමාර් රොච්
නිකිතා මිලර්
රවී රාම්පාල්
අන්ඩ්‍රි රසල්
ඩෙවොන් ස්මිත්
කර්ක් එඩ්වර්ඩ්ස්

එoගලන්තයට අති විශිෂ්ට ජයක්.



අලු බදුන ටෙස්ට් තරගමාලාවේ ඇඩිලේඩිහිදී 2වන ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 71 ක අති විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එoගලන්තය සමත් විය.මේ අනුව තරග 5 කින් සමන්විත තරගමාලවේ තරග 2 ක් අවසානයේ එoගලන්තය තරග 1-0 ක් වශයෙන් ඉදිරියෙන් පසුවේ.

අද උදෑසන තරගය අරඹන විට ඔස්ට්‍රේලියව කඩුලු 4 ක් දැවී ලකුනු 238 ලබා සිටියද ඔවුන්ගේ ඉතිරි කඩුලු 6 ලකුණු 66 ක් තුල දැවී ගියේය.

මෙම ජයත් සමග 1986-87 වසරට පසුව එoගලන්තය ඔස්ට්‍රේලියවේදී අලුබදුන තරගමාලාවක පෙරමුණ ගැනීමට සමත් විය. මෙම පරාජය මෑත ඉතිහාසයේ ඔස්ට්‍රේලියව තරගයක් ඉනිමකින් පරාජය වූ පලමු අවස්ථාව වේ. ඊට අමතරව ඔස්ට්‍රේලියවේදී ඔස්ට්‍රේලියව ටෙස්ට් තරගයක් පරාජය වූයේ 2008 වසරට පසුය.

කෙටි ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියව පලමු ඉනිම 245/10
මයික් හසි 93
බ්‍රැඩ් හැඩින් 56
ජේම්ස් ඇන්ඩර්සන් 51/4

එoගලන්තය පලමු ඉනිම 620/5
කෙවින් පීටර්සන් 227
ඇලෙස්ට්යාර් කුක් 148
රයන් හැරිස් 84/2

දෙවන ඉනිම 304/10
මයිකල් ක්ලාක් 80
ෂේන් වොට්සන් 57
මයික් හසී 52
ග්‍රැහැම් ස්වාන් 91/5

තරගයේ වීරයා වශයෙන් කෙවින් පීටර්සන් නම් කරන ලදි. දෙරට අතර මීලග තරගය දෙසැම්බර් 16 පර්ත් හිදී ඇරඹේ.

බoගලාදේශයට පහසු ජයක්.




බoගලාදේශ සිම්බබ්වේ 3 වන එක්දින තරගයෙන් ලකුණු 65ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.මුලින්ම පන්දුවට පහරදුන් බoගලාදේශය කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 246ට පිලිතුරු වශයෙන් සිම්බබ්වේ කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 181ක් පමණි.

තරගයේ වීරයා වශයෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අබ්දුර් රසාක් නම් කෙරිණි.

කෙටි ලකුණු පුවරුව

බoගලාදේශය 246/7 50.0
ශකීබ් අල් හසන් 73
මුෂ්ෆිකර් රහීම් 63
ප්‍රොස්පර් උට්සේයා 38/4

සිම්බබ්වේ 181/10 48.1
ප්‍රොස්පර් උට්සේයා 67
අබ්ඩුර් රසාක් 14/4
ශෆිඋල් ඉස්ලම් 43/4

තරග 5 කින් සමන්විත තරගාවලිය මේ වන විට බoගලදේශය 2-1 වශයෙන් ඉදිරියෙන් සිටී. දෙරට අතර මීලග තරගය ලබන 10 වනදා චිතගොන් හිදී පැවත්වේ

එoගලන්තය ඉදිරියෙන්




4 වන දිනයට තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව අසීරු තත්වයක පසු වේ. සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔවුන් මේ වන විට කඩුලු 4 දැවී ගොස් ලකුණු 238 ලබා සිටී. ඒ එoගලන්තය පලමු ඉනිමට කඩුලු 5ක් දවී ලබා ගත් ලකුණු 620 ට පිලිතුරු වශයෙනි.

ඔස්ට්‍රේලියාව සිය පලමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 245 ක් පමණි.මේ අනුව ඔස්ට්‍රේලියාව එoගලන්තයට වඩා තවත් ලකුණු 137 ක් පිටුපසින් සිටී.

නොදැවී ක්‍රීඩා කරන මයික් හසී ලකුණු 44 ක් ලබා සිටී.අද උදෑසන එoගලන්තය වෙනුවෙන් පිටියට පිවිසි කෙවින් පීටර්සන් ලකුණු 227 කට දැවී ගිය අතර ඉයන් බෙල් නොදැවී ලකුනු 68 ක් රැස් කරන ලදි.තරගයේ අවසන් දිනය හෙටයි.

Sunday, December 5, 2010

බoගලාදේශ සිම්බාබ්වේ 3 වන එක්දින තරගය අද.



බoගලාදේශ සිම්බාබ්වේ 3 වන එක්දින තරගය අද ඩකා හීදී පැවත්වේ. කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයා මුලින්ම පන්දු යැවීමට තීරණය කරන ලදි.

තරගාවලියේ මීට පෙර පවතී තරග 2 දෙපිලම තරග 1 බැගින් ජය ගෙන සම තත්වයේ පසු වේ.

මේ වන විට මුලින්ම පන්දුවට පහර දෙන බoගලාදේශය පන්දුවාර 8කදී කඩුලු 2ක් දැවී ලකුණු 27 ලබා සිටී.

ශ්‍රී ලoකාව ටෙස්ට් වර්ගීකරණයේ පහලට.

ICCය අද නිකුත් කල නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලoකාව 5 වන ස්ථානයට පසුබැස තිබේ. මීට පෙර ශ්‍රී ලoකාව වර්ගීකරණයේ 3 වන තැන පසු විය. මෙම පසුබැස්මට ප්‍රධාන හේතුව වන්නේ කොදෙව් කණ්ඩායම සමග අද අවසන් වූ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වීමයි.

වර්ගීකරණයේ මුල් තැන ඉන්දියවටද දෙවන තැන දකුණු අප්‍රිකවටද හිමිව තිබේ.අද නිකුත් කල නවතම වර්ගීකරණය මෙසේයි.

. ප්‍රසාද ලකුණු
1.ඉන්දියව 129
2.දකුණු අප්‍රිකව 116
3.එoගලන්තය 112
4.ඔස්ට්‍රේලියවට 110
5.ශ්‍රී ලoකාව 109
6.පකිස්තානය 88
7.බටහිර ඉන්දීය කොදෙව් 85
8.නවසීලන්තය 80
9.බoගලාදේශය 07


ශ්‍රි ලoකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග කාල සටහන

1.දෙසැ 9 සූරියවැවදී - දිවා රත්‍රී
2.දෙසැ 11 සූරියවැවදී - දිවා රත්‍රී
3.දෙසැ 15 කොලඹ R.ප්‍රේමදාස - දිවා රාත්‍රී
4.දෙසැ 17 කොලඹ R.ප්‍රේමදාස - දිවා රාත්‍රී
5.දෙසැ 19 කොලඹ R.ප්‍රේමදාස - දිවා රාත්‍රී

T20 තරගය

දෙසැ 21 කොලඹ R.ප්‍රේමදාස - රාත්‍රී