Live matches

Monday, December 6, 2010

එoගලන්තයට අති විශිෂ්ට ජයක්.



අලු බදුන ටෙස්ට් තරගමාලාවේ ඇඩිලේඩිහිදී 2වන ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 71 ක අති විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එoගලන්තය සමත් විය.මේ අනුව තරග 5 කින් සමන්විත තරගමාලවේ තරග 2 ක් අවසානයේ එoගලන්තය තරග 1-0 ක් වශයෙන් ඉදිරියෙන් පසුවේ.

අද උදෑසන තරගය අරඹන විට ඔස්ට්‍රේලියව කඩුලු 4 ක් දැවී ලකුනු 238 ලබා සිටියද ඔවුන්ගේ ඉතිරි කඩුලු 6 ලකුණු 66 ක් තුල දැවී ගියේය.

මෙම ජයත් සමග 1986-87 වසරට පසුව එoගලන්තය ඔස්ට්‍රේලියවේදී අලුබදුන තරගමාලාවක පෙරමුණ ගැනීමට සමත් විය. මෙම පරාජය මෑත ඉතිහාසයේ ඔස්ට්‍රේලියව තරගයක් ඉනිමකින් පරාජය වූ පලමු අවස්ථාව වේ. ඊට අමතරව ඔස්ට්‍රේලියවේදී ඔස්ට්‍රේලියව ටෙස්ට් තරගයක් පරාජය වූයේ 2008 වසරට පසුය.

කෙටි ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියව පලමු ඉනිම 245/10
මයික් හසි 93
බ්‍රැඩ් හැඩින් 56
ජේම්ස් ඇන්ඩර්සන් 51/4

එoගලන්තය පලමු ඉනිම 620/5
කෙවින් පීටර්සන් 227
ඇලෙස්ට්යාර් කුක් 148
රයන් හැරිස් 84/2

දෙවන ඉනිම 304/10
මයිකල් ක්ලාක් 80
ෂේන් වොට්සන් 57
මයික් හසී 52
ග්‍රැහැම් ස්වාන් 91/5

තරගයේ වීරයා වශයෙන් කෙවින් පීටර්සන් නම් කරන ලදි. දෙරට අතර මීලග තරගය දෙසැම්බර් 16 පර්ත් හිදී ඇරඹේ.

No comments:

Post a Comment