Live matches

Friday, December 10, 2010

අවසන් තරගයත් ඉන්දියාවට.



නවසීලන්ත ඉන්දියා තරග 5 කින් සමන්විත එක්දින තරගමාලාවේ 5 වන තරගයෙන්ද කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.මේ අනුව තරග මාලාව තරග 5-0 ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.

අද කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා මුලින් පන්දුවට පහරදීමට තීරණය කලද ඔවුන් සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 103ක් පමණි. එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

තරගයේ වීරයා වශයෙන් යුවරාජ් සිoද තරගාවලියේ වීරයා වශයෙන් නායක ගෞතම් ගාම්භීර්ද නම් කරනු ලැබීය.

කෙටි ලකුණු පුවරුව

නවසීලන්තය 103/10 27.0
ස්කොට් ස්ටයිරිස් 24
රවිචන්ද්‍ර අශ්වින් 24/3

ඉන්දියාව 107/2 21.1
පාර්තිව් පටෙල් 56*
යුවරාජ් සිo 42*

No comments:

Post a Comment