Live matches

Saturday, February 5, 2011

පාකිස්තාන ක්‍රීඩකයන්ට තරග තහනමක්.


පසුගිය වසරේ පැවති පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර තරග පාවදීමේ චෝදනා ලැබූ පාකිස්තාන ක්‍රීඩකයන්ට තරග තහනමක් පැනවීමට ICCය තීරණය කර ඇත.

ඒ අනුව එම සංචාරයේ පාකිස්තාන නායකයා ලෙස ක්‍රියාකල සල්මන් බට් හට වසර 10ක්ද වේග පන්දු යවන ක්‍රීඩකයන් වන මොහොමඩ් අසීෆ් හට වසර 7ක්ද මොහොමඩ් අමිර් හට වසර 5කද තරග තහනමක් පනවා ඇත.

Thursday, February 3, 2011

ලෝක කුසලාන කාලසටහන ඔබේ පරිගණකයට.


ලෝක කුසලානයේ සම්පූර්ණ තරග විස්තර ඇතුලත් මෙම වැඩසටහන Download කර ඔබේ පරිගණකයට Install කරගන්න. ඒ සදහා පහත යොමුවට යන්න.

2 වන තරගයෙන් ශ්‍රී ලංකාවට ජය.



ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගමාලාවේ අද පැවති දෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8 ක පහසු ජයග්‍රහණයක් හිමි විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රීලංකා නායකයාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිවිසි කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 203 ක් පමණි. කොදෙව් පිල වෙනුවෙන් ඩිවේන් බ්‍රාවෝ ලකුණු 39 ක් රැස් කරන ලදි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 3 ක්ද මුත්තයියා මුරලිදරන් හා නුවන් කුලසේකර කඩුලු 2 බැගින්ද ලබා ගන්නා ලදි. මෙම තරගයේදී නුවන් කුලසේකර සිය එක්දින දිවියේ සියවන කඩුල්ල දවා ගැනීමටද සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 204 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණය කරන ලදි. මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ උපුල් තරංග නොදැවී ලකුණු 101 ක් රැස්කරන ලදි. තරගයේ වීරයා වශයෙන්ද තරංග නම් කරනලදි.

ඒ අනුව තරගාවලියේ තරග 1-0ක් වශයෙන් ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකාව සමත්විය. දෙරට අතර තරගාවලියේ අවසන් තරගය ලබන ඉරිදා (පෙබ 6) SSC පිටියේදීම පැවැත්වේ.