Live matches

Saturday, December 4, 2010

මෙහෙත් හරි වැස්ස එහෙත් හරි වැස්ස.



ඔස්ට්‍රේලියා එoගලන්ත ටෙස්ට් තරගයටද වර්ෂාව බාධා පමුණුවා ඇත. 3වන දින තේ පානයෙන් පසු තරගය වර්ෂාව නිසා නවතා දමන ලදි.

තරගය නවතන විට පලමු ඉනිම ක්‍රීඩා කරන එoගලන්තය කඩුලු 4 කට ලකුණු 551 ලබා තිබිණි. ඒ ඔස්ට්‍රේලියාව පලමු ඉනිමට ලබා ගත් ලකුණු 245 ට පිලිතුරු වශයෙනි. නොදැවි ක්‍රීඩා කරන පීටර්සන් ලකුණු 213 ක් ද ඉයන් බෙල් ලකුණු 41ක්ද ලබා සිටී. දැන් ඔවුන් ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 306 ක් ඉදිරියෙන් පසු වේ.

වර්ෂාව නිසා අපතේ ගිය කාලය නිසා තරගයේ 4වන දිනය වන හෙට දිනය වෙනදාට වඩා පැය 1/2ක් කලින් ඇරඹීමට නියමිතය.

අදත් වැස්ස.




3 වන ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයද වර්ශාව නිසා තරගය අතහැර දැමීමට සිදුවන ලකුණු පහලව පවතී. මහනුවර ප්‍රදේශයට ඊයෙ රාත්‍රියේ අධික වර්ශාවක් පැවතිනි. පිටිය සම්පුර්ණයෙන්ම ආවරණය කර පවතින අතර මේ වන විටද මද වර්ශාවක්ද පතිත වේ.

ඊයේ තරගය නතර කරන විට කොදෙව් පිල මුල් ඉනිම සදහා කඩුලු 8 දැවී ලකුණු 303 ක් ලබා සිටියේය.සමස්ත තරගයේ මේ වන විට යවා ඇත්තේ පන්දුවාර 103 ක් පමණි.

තරගාවලියේ පෙර පැවති තරග 2 ද ජය පරජයෙන් තොරව අවසන් වූ අතර මේ නිසා තරග මාලාව 0-0 ක් වශයෙන් ජයපරජයෙන් තොරව අවසන් වනු ඇත. දෙරට අතර එක්දින තරග මාලව ලබන 9 වනදා හම්බන්තොටදී ආරම්භ වීමට නියමිතය.

පීටර්සන්ට 200 යි.


සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 2වන ද්විත්ව ශතකය වාර්තා කිරීමට කෙවින් පීටර්සන් අද සමත් විය. මේ වන විට එoගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 534ලබා සිටී. මේ වන විට එoගලන්තය ඔස්ට්‍රේලියවට වඩා ලකුණු 289 ක් ඉදිරියෙන් සිටී. අද තරගයේ 3 වන දිනයයි.

අන්තර් මහද්වීපික කුසලනය ඇෆ්ගනිස්තනයට.


අන්තර් මහද්වීපික කුසලන (ICC Intercontinental Cup) ක්‍රිකට් ශුරතාව දිනා ගැනීමට අෆ්ගනිස්තානය සමත් විය. ඩුබායිහී පැවති අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ ස්කොට්ලන්තය කඩුලු 7 කින් පරාජය විය.

මෙම තරගාවලිය සදහා මෙම රටවල් 2 ට අමතරව නෙදර්ලන්තය, කැනඩාව, අයර්ලන්තය, කෙන්යව, සිම්බබ්වේXI යන රටවල්ද සහභාගී විය.

කෙටි ලකුණු පුවරුව

අෆ්ගනිස්තානය-171 & 124/3
ස්කොට්ලන්තය-212 & 82

ශ්‍රි ලoකා එක්දින කණ්ඩායම නම් කරයි.

ශ්‍රි ලoකා හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ලබන 9 වනදා හම්බන්තොට සූරියවැව දී ආරම්භ වන එක්දින තරග මාලවේ පලමු තරග 2 සදහා වන ශ්‍රි ලoකා කණ්ඩායම අද ප්‍රකාශයට පත් කරන ලදි.

කුමාර සoගක්කාර(නායක)
මහේල ජයවර්ධන
තිලකරත්න ඩිල්ශාන්
උපුල් තරoග
ඇන්ජලො මැතිව්ස්
තිලන් සමරවීර
චාමර කපුගෙදර
සුරජ් රන්දිව්
අජන්ත මෙන්ඩිස්
රoගන හේරත්
ලසිත් මාලිoග
නුවන් කුලසේකර
තිසර පෙරේරා
දිල්හර ප්‍රනාන්දු
චාමර සිල්වා
ජීවන් මෙන්ඩිස්

අලු බදුන 2 වන ටෙස්ට් තරගයේ එoගලන්තය ඉදිරියෙන්.



ඔස්ට්‍රිලියවේ ඇඩිලේඩ් හීදි පැවත්වෙන අලු බදුන ටෙස්ට් තරග මලවේ 2 වන තරගයේ 2 වන දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසි ලබා ගැනීමට එoගලන්තය සමත්ව සිටී.

මුලින්ම පන්දුවට පහර දුන් ඔස්ට්‍රිලියව සියල්ලන් දැවි ලබා ගත් ලකුණු 245ට පිලිතුරු ලෙස 2වන දිනය නිමා වනවිට එoගලන්තය කඩුලු 2ක් දැවි ලකුනු 317ක් ලබා සිටියේය.නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඇලෙස්ට්යා කුක් ලකුණු 136ක් ද කෙවින් පීටර්සන් ලකුණු 85ක් ද ලබා තිබිණි. මේ වන විට එoගලන්තය ඔස්ට්‍රිලියවට වඩා ලකුණු 72 කින් ඉදිරියෙන් සිටී.

ගාම්භිර්ගේ ශතකයෙන් ඉන්දියාවට තරගාවලි ජය.



ඉන්දියාව හා නවසීලන්තය අතර තරග 5කින් සමන්විත එක්දින තරග මාලවේ ජය මුල් තරග 3ම ජය ගනීමත් සමග ඉන්දියවට හිමි විය. අද වදොදරා හි පැවති 3 වන තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ඉන්දියාවට හිමි විය.
මෙම තරගමලවේ ඉන්දීය නායකයා ලෙස කටයුතු කල ගෞතම් ගාම්භිර් අද තරගයේද ජයග්‍රහණයේ නියමුවා වෙමින් මේ තරග මලවේදී රැස් කල 2වන ශතකය රැස්කර ගැනීමට සමත් විය.

කෙටි ලකුණු පුවරුව

නවසීලන්තය- 224/9 50.0
ජේම්ස් ෆැරැන්ක්ලීන් 72*
නෙතන් මැකලම් 43
යුසුෆ් පතන් 27/2

ඉන්දියව- 229/1 39.3
ගෞතම් ගම්භිර් 126*
විරත් කොලි 63*

තරගයේ වීරයා-ගෞතම් ගම්භිර්

දෙරට අතර මීලග තරගය ලබන 7වනදා බැන්ගලොර් හිදී පැවත්වේ.

Friday, December 3, 2010

වැස්සට පැරදුනු අපේ ජය.



ශ්‍රි ලoකා බටහිර ඉන්දීය කොදෙව් 3 වන ටෙස්ට් තරගයද වර්ෂාව නිසා ජය පරාජයෙන් නොමතිව අවසන් වන ලකුණු පහලව ඇත.මීට පෙර පැවති තරග 2ටද වර්ෂාවෙන් බාධා ඇති විය.

තරගයේ 4 වන දිනයේ උදෑසන වර්ෂාව නිසා තරගය නතර කරන විට කොදෙව් පිල කඩුලු 8 ක් දැවි ලකුණු 297 ලබා තිබිණි.තරගවලිය ඇරඹිමට පෙර ශ්‍රි ලoකාව 3-0 පහසු ජයක් බලපොරොත්තු වුවද වර්ෂාවෙන් ඊට බාධා විය.