Live matches

Saturday, December 4, 2010

මෙහෙත් හරි වැස්ස එහෙත් හරි වැස්ස.



ඔස්ට්‍රේලියා එoගලන්ත ටෙස්ට් තරගයටද වර්ෂාව බාධා පමුණුවා ඇත. 3වන දින තේ පානයෙන් පසු තරගය වර්ෂාව නිසා නවතා දමන ලදි.

තරගය නවතන විට පලමු ඉනිම ක්‍රීඩා කරන එoගලන්තය කඩුලු 4 කට ලකුණු 551 ලබා තිබිණි. ඒ ඔස්ට්‍රේලියාව පලමු ඉනිමට ලබා ගත් ලකුණු 245 ට පිලිතුරු වශයෙනි. නොදැවි ක්‍රීඩා කරන පීටර්සන් ලකුණු 213 ක් ද ඉයන් බෙල් ලකුණු 41ක්ද ලබා සිටී. දැන් ඔවුන් ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 306 ක් ඉදිරියෙන් පසු වේ.

වර්ෂාව නිසා අපතේ ගිය කාලය නිසා තරගයේ 4වන දිනය වන හෙට දිනය වෙනදාට වඩා පැය 1/2ක් කලින් ඇරඹීමට නියමිතය.

No comments:

Post a Comment