Live matches

Friday, January 21, 2011

ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී.



ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. නමුත් දිගටම එක්දින පිටියේ හා T20 තරග සදහා සහභාගි වන බවද ඔහු ප්‍රකාශ කරයි. ඔහු ටෙස්ට් තරග 30 ක් මේ වනවිට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු කඩුලු 101 ක් බිදහෙලා ඇත.

ටෙස්ට් තරගවලදී ඇතිවන අධික වෙහෙස නිසා අබාධ වලට ගොදුරු වීමේ අවදානම නිසා ඔහු මේ තීරණය ගන්නට ඇත. පසුගිය කාලයේදී ඔහුට පාදයේ ආබාධයක් නිසා වසරකට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමටද සිදුවිය.

No comments:

Post a Comment