Live matches

Monday, January 17, 2011

සනත් ජයසූරියගෙන් තුන් ඉරියව් දස්කම්.



අන්තර් පලාත් එක්දින තරගමාලවේ අද පැවති බස්නාහිර හා රුහුණු කණ්ඩායම් අතර තරගයකදී සනත් ජයසූරිය තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය. රුහුණු කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිසි සනත් පන්දු 67 ක්දී වේගවත් ලකුණු 71 ක් වාර්තා කිරීමට සමත් විය. තවද ඔහු පන්දු යැවීමේදී පන්දුවාර 9 කදී ලකුණු 48 කට කඩුලු 2 ක් දවා ගැනීමටද සමත් විය.

සනත් මෙම තරගමාලවේ පෙරේදා පැවති තරගයෙකදීද ඌව කණ්ඩායමට එරෙහිව ලකුණු 97 ක් රැස් කිරීමටද සමත් විය. නමුත් ඔහු මීට පෙර පැවති අන්තර් සමාජ තරගාවලියේදී මෙවන් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වීම නිසා ලෝක කුසලාන සංචිතයට ඔහුට ඇතුලත් වීමට නොහකි විය.

No comments:

Post a Comment