Live matches

Monday, January 3, 2011

ඩිල්ෂාන්ගෙනුත් සුපිරි ඉනිමක්.



අද අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රීඩා සමාජය අතර පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවතී එක්දින තරගයකදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99 කදී නොදැවී ලකුණු 133 ක් රැස් කර ගන්නා ලදි. මෙම ඉනිමට 4 පහර 21 ක්ද 6 පහර 3 ක්ද ඇතුලත් විය. මෙවර තරගමාලවේදී ඩිල්ෂාන්ගේ පිත්ත පලමු වරට අද ක්‍රියාත්මක විය.

මෙවර තරගමාලවේ දෙවන සතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර මේ වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන බොහෝ පිතිකරුවන් ශතක වාර්තා කර ඇත. ඒ අතර උපුල් තරංග, මහේල ජයවර්ධන, චාමර කපුගෙදර ප්‍රධාන වේ. මෙසේ ලෝක කුසලානය ආසන්නයේ අපගේ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම අතිශය වැදගත් වේ.

No comments:

Post a Comment