Live matches

Thursday, January 6, 2011

එංගලන්තය ජයග්‍රහණය අභියස.



වසර 25 කට පමණ පසු ඕස්ට්‍රේලියාවේදී අළු බදුන ශූරතාවක් හිමිකර ගැනීමට එංගලන්තය ආසන්නයේ සිටී. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 3 ක් දවා ගැනීම පමණි.

සිඩ්නි හිදී පවැත්වෙන 5 වන ටෙස්ට් තරගයේ 4 වන දිනය අවසාන වන විට ඕස්ට්‍රේලියාව සිය 2 වන ඉනිම සදහා කඩුලු 7 ක් දැවී ලකුණු 213ක් ලබා සිටී. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සදහා ඔවුන් තවත් ලකුණු 161 ක් ලබා ගත යුතුය. සිය ප්‍රථම ඉනිම සදහා ඕස්ට්‍රේලියාව සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 280 ක් පමණි. ඊට පිලිතුරු වශයෙන් එංගලන්තය ප්‍රථම ඉනිමට සියල්ලන් දැවී ලකුණු 644 ක් රැස් කරන ලදි. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඇලෙස්ටියාර් කුක් ලකුණු 189 ක් රැස් කරගන්නා ලදි. මේ වනවිට කුක් මෙවර අළු බදුන තරගාවලියේදී ලකුණු 750 කට වඩා රැස්කර අති අතර එය අළු බදුන ඉතිහාසයේ තරගාවලියකදී ක්‍රීඩකයෙකු රැස් කල දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. එංගලන්ත ඉනිම වෙනුවෙන් මීට අමතරව ඉයන් බෙල් ලකුණු 115 ක්ද මැට් ප්‍රයර් ලකුණු 118 ක්ද රැස් කරන ලදි.

No comments:

Post a Comment