Live matches

Wednesday, December 29, 2010

ඉන්දියාවට ජය.


ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී පැවති 2 වන ටෙස්ට් තරගයෙන් ලකුණු 87 ක් ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 1-1 ක් වශයෙන් සම තත්වයේ පසු වේ.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 205 ක් රැස් කල අතර ඊට පිලිතුරු වශ්යෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය ප්‍රථම ඉනිම සදහා රැස් කර ගත හැකිවූයේ ලකුණු 131 ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 74 ක් ඉදිරියෙන් සිටිමින් සිය 2 වන ඉනිම ඇරඹු ඉන්දියාව 2 වන ඉනිමට සියල්ලන් දැවී ලකුණු 228 ක් රැස් කරන ලදි. ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුණු 303 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ඉනිම 215 කට සීමා විය.

තරගයේ වීරයා වශයෙන් ඉනිම දෙකේදීම ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා (38 & 96) වූ VVS ලක්ෂ්මන් නම් කරන ලදි. දෙරට අතර 3 වන හා අවසාන තරගය ජනවාරි 2 වනදා කේප් ටවුන් හිදී ආරම්භ වේ.

No comments:

Post a Comment