Live matches

Saturday, December 25, 2010

ප්‍රථම T20 තරගයෙන් නවසීලන්තයට ජය.



මාස 3 කට පමණ පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්තය අද සමත් විය. ඒ පාකිස්තානය සමග අද ආරම්භ වූ T20 තරගාවලියේ පලමු තරගයෙනි. අද ඕක්ලන්ඩ් හිදී පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඔවුන් සමත් විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිලේ ආරාධනායෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි පාකිස්තානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 143 ක් ලබා ගන්නා ලදි. මෙම ඉනිමේදී සිදුවූ විශේෂ සිදු වීම නම් පකිස්තාන ඉනිමේ 7 වන පන්දු වාරය යැවූ ටිම් සවුති විසින් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමයි.

පිලිතුරු ඉනිම සදහා පිටියට පිවිසි නවසීලන්තය සිය ඉලක්කය පහසුවෙන් හඹායාමට සමත් විය. පන්දුවාර 17.1 අවසානයේ සිය ඉලක්කය කරා යාමට ඔවුන් සමත් විය.

කෙටි ලකුණු පුවරුව

පාකිස්තානය 143/9 20.0
උමාර් ගුල් 30
වහාබ් රියාස් 30
ටිම් සවුති 18/5

නවසීලන්තය 146/5 17.1
මාටින් ගප්ටිල් 54
රෝස් ටේලර් 39*
ෂොහීබ් අක්තාර් 38/3

මේ අනුව තරගාවලියේ තරග 1-0 ක් වශයෙන් නවසීලන්තය ඉදිරියෙන් සිටින අතර තරගාවලියේ 2 වන තරගය දෙසැම්බර් 28 වනදා හැමිල්ටන් හිදී පැවැත්වේ.

No comments:

Post a Comment