Live matches

Monday, December 20, 2010

දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්



ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන් හී පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 25 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මේ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 1-0 ක් වශයෙන් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 136 ක් පමණි. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෝර්නේ මෝර්කල් ලකුණු 20 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය. සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකාව කඩුලු 4 කට ලකුණු 620 ක් ලබා ගත් අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජැක් කාලිස් නොදැවී ලකුණු 201 ක්ද හෂීම් අම්ලා ලකුණු 140 ක්ද AB ඩි විලියර්ස් ලකුණු 129 ක්ද ලබා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 484 ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කල ඉන්දියාව දෙවන ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 459 ක් පමණි. එහිදී ඉන්දියාව වෙනුවෙන් සචින් ටෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 111 ක්ද නායක මහෙන්ද්‍ර දෝනි ලකුණු 90 ක්ද ගෞතම් ගාම්භිර් ලකුණු 80 ක්ද රැස් කරන ලදි. මෙහිදී සචින් ලබාගත් ශතකය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 50 වන ශතක වූ අතර ටෙස්ට් ශතක 50 ක් රැස් කල ලොව පලමු ක්‍රීඩකයා බවට ඔහු පත් විය. පන්දු යැවීමේදී ඩේල් ස්ටෙන් කඩුලු 4 ක් බිද හෙලීය.

තරගයේ වීරයා වශයෙන් ජැක් කාලිස් නම් කරන ලදි. දෙරට අතර මීලග තරගය දෙසැම්බර් 26 වනදා ඩර්බන් හිදී ඇරඹීමට නියමිතය.

No comments:

Post a Comment