Live matches

Saturday, December 18, 2010

ඕස්ට්‍රේලියව ජයග්‍රහණය අභියස.



තරගයේ 3 වන දිනය අවසාන වන විට ඕස්ට්‍රේලියව තරගයේ ජයග්‍රහණය අභියස සිටී. දිනය ආරම්භයේ කඩුලු 3 කට ලකුණු 119 ක් රැස් කරගෙන සිටි ඕස්ට්‍රේලියවේ දෙවන ඉනිම ලකුණු 309 කට සීමා විය. මේ අනුව එoගලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 391 ක ඉලක්කයක් හිමි විය.

දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම සදහා එoගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 81 ලබා අසීරු අඩියක පසු විය. ඕස්ට්‍රේලියානු 2 වන ඉනිමේදි විශිෂ්ට පිතිහරබයක නිරත වූ මයික් හසී ලකුණු 116 ක්ද ෂේන් වොට්සන් ලකුණු 95 ක්ද රැස් කරන ලදි. එoගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ක්‍රිස් ට්‍රෙම්ලට් ලකුණු 87 කට කඩුලු 5 ක් බිද හෙලීය.

3 වන දිනයේ තරගය නතර කිරීමට මොහොතකට පෙර එoගලන්ත කඩුලු 2 ක් දැවීයාම නිසා ඔවුන්ගේ තරගය පිලිබද සියලු බලාපොරොත්තු සුන් විය. තරගාවලියේ මේ වන විට තරග 1-0 ක් වශයෙන් එoගලන්තය ඉදිරියෙන් සිටී.

No comments:

Post a Comment