Live matches

Sunday, December 12, 2010

IPL ක්‍රීඩක වෙන්දේසිය ලගදීම.



ඉන්දීය ප්‍රීමියර් ලීග්(IPL) තරගමාලාවේ 4 වන අදියර සදහා වන ක්‍රීඩක වෙන්දේසිය ලබන ජනවාරි 8,9 යන දෙදින පැවත්වීමට නියමිතය. 4 වන අදියරේ තරගාවලිය අප්‍රේල් මස 2 වනදා ඇරඹීමට නියමිතය.

4 වන අදියරේ විශේෂත්වය වන්නේ නව කණ්ඩායම් 2ක් තරගාවලියට ඇතුලත් වීමය. එම කණ්ඩායම් 2 වන්නේ මහාරාශ්ට ප්‍රදේශය නියෝජනය කරන "පූනේ වොරියර්ස්" හා කේරල ප්‍රදේශය නියෝජන්ය කරන "කොචි" යන කණ්ඩායම්ය. කෙසේ නමුත් තරගාවලියට මින් පෙර සහභාගි වූ කින්ස් XI පන්ජාබ් හා රජස්තාන් රෝයල්ස් යන කණ්ඩායම් IPL සoවිධායකයන් සමග ඇති කරගත් ප්‍රශ්නයක් මත තහනමකට ලක් කර ඇත. එම නිසා එම කණ්ඩායම් දෙකේ සහභාගීත්වය අවදානමක පවතී.

මෙවර වෙන්දේසියේදී ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හැරෙන්නට අනෙකුත් සියලු ක්‍රීඩකයන්ම පාහේ වෙන්දේසියට ලක්වනු ඇත. තම කණ්ඩායමේ දැනට සිටින ක්‍රීඩකයන් 4 දෙනෙකු පමණක් තම කැමත්ත මත වෙන්දෙසියට ඉදිරිපත් නොකර ඉදිරියටත් කණ්ඩායමේම තබා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව සලසා ඇත. නමුත් බොහෝ හිමිකරුවන් තම මුළු කණ්ඩායමම වෙන්දේසියට ඉදිරිපත් කර ඇත.

ඉදිරියටත් සිය කණ්ඩායමේම රදවා තබා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් උනන්දු වූ ක්‍රීඩකයන් මෙසේය.
  • රාජස්තාන් රෝයල්ස් - ෂේන් වෝන්, ෂේන් වොට්සන්
  • මුම්බායි ඉන්දියන්ස් - සචින් ටෙන්ඩුල්කාර්, කිරන් පොලාර්ඩ්, ලසිත් මාලිoග, හර්බජාන් සිo
  • චෙන්නයි සුපර් කින්ග්ස් - MS දෝනි, සුරේශ් රයිනා, මුරලි විජේ, ඇල්බි මෝර්කල්
  • දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් - විරේන්ද්‍ර ෂේවාග්
  • බැoගලෝර් රෝයල් චැලෙන්ජර්ස් - විරාත් කෝලි
මේ අනුව කොල්කටා නයිට් රයිඩර්ස්, ඩෙකෑන් චාජර්ස් හා කින්ස් XI පන්ජාබ් යන කණ්ඩායම් අලුත්ම ක්‍රීඩකයන් පිරිසක් නියෝජනය කරනු ඇත.තවද මේ අනුව එලඹෙන IPL තරගාවලිය අලුත් ක්‍රීඩක එකමුතුවකින් සමන්විත කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත.

No comments:

Post a Comment