Live matches

Wednesday, December 15, 2010

අළු බදුන 3 වන ටෙස්ට් තරගය ඇරඹෙයි.



අළු බදුන ටෙස්ට් තරග මාලාවේ 3 වන තරගය අද (16) බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී ආරම්භ විය. කාසියේ වාසිය දිනා ගත් එන්ගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රව්ස් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කරන ලදි.

නමුත් අද තරගයේදීද සාර්ථක ආරම්ඹ්භයක් ලබා ගැනිමට ඕස්ට්‍රේලියාව අසමත් විය. ඔවුන්ගේ මුල් කඩුලු 3 ලකුණු 28ක් තුල මේ වන විට දවා ගැනීමට එන්ගලන්ත පන්දු යවන්නන් සමත්ව සිටී. තරගාවලිය පුරාම අසාර්ථක වූ ඕස්ට්‍රේලියා නායක රිකී පොන්ටින් අද තරගයේදීද ලකුණු 10 කට දැවී ගියේය.

අද තරගයේදී එන්ගලන්ත කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ආබාධයකට ලක් වූ ස්ටුවට් බ්‍රෝඩ් වෙනුවට ක්‍රිස් ට්‍රෙම්ලෙට් කැදවා ඇති අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වෙනස්කම් 4 ක් සිදු කර ඇත. ඒ අනුව පිල් හියුග්ස්, ස්ටිව් ස්මිත්, මිචෙල් ජොන්සන් හා බෙන් හිල්ෆින්හස් කණ්ඩායමට කැදවා ඇත.

No comments:

Post a Comment