
අළු බදුන 3 වන ටෙස්ට් තරගයේ 2 වන දිනයේ සම්පූර්ණ වාසි අත් කර ගැනීමට ඕස්ට්‍රේලියව සමත් විය. දිනය ආරම්භයේ කිසිවෙකු නොදැවී ඉනිම ආරම්භ කල එoගලන්තය පලමු ඉනිම 187 කට සීමා විය.
ඕස්ට්‍රේලියව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ජොන්සන් ලකුණු 38 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත් විය. එoගලන්තය වෙනුවෙන් සාර්ථක වූ පිතිකරුවන් වූයේ නායක ඇන්ඩෘ ස්ට්‍රව්ස්(52) හා ඉයන් බෙල්(53) පමණි.
මේ අනුව එoගලන්තයට වඩා ලකුණු 81 ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වන ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියව දිනය අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියේය. ඒ අනුව මේ වන ඕස්ට්‍රේලියව එoගලන්තයට වඩා ලකුණු 200 ක් ඉදිරියෙන් සිටී. මේ අනුව මේ වන විට තරගයේ ජය ඕස්ට්‍රේලියවට හිමිවන ලකුණු පහලව ඇත.
No comments:
Post a Comment