Live matches

Monday, December 6, 2010

කොදෙව් එක්දින කණ්ඩායම


ශ්‍රී ලoකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කල කොදෙව් කණ්ඩායම මෙසේයි.

ඩැරන් සාමි (නායක)
ක්‍රිස් ගේල්
ශිවනරීන් චන්ද්‍රපෝල්
ඒඩ්‍රියන් බරත්
ඩිවෙයින් බ්‍රවෝ
ඩැරන් බ්‍රවෝ
කිරන් පොලාර්ඩ්
කාල්ටන් බෝ
සුලෙයිමාන් බෙන්
කිමාර් රොච්
නිකිතා මිලර්
රවී රාම්පාල්
අන්ඩ්‍රි රසල්
ඩෙවොන් ස්මිත්
කර්ක් එඩ්වර්ඩ්ස්

එoගලන්තයට අති විශිෂ්ට ජයක්.



අලු බදුන ටෙස්ට් තරගමාලාවේ ඇඩිලේඩිහිදී 2වන ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 71 ක අති විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එoගලන්තය සමත් විය.මේ අනුව තරග 5 කින් සමන්විත තරගමාලවේ තරග 2 ක් අවසානයේ එoගලන්තය තරග 1-0 ක් වශයෙන් ඉදිරියෙන් පසුවේ.

අද උදෑසන තරගය අරඹන විට ඔස්ට්‍රේලියව කඩුලු 4 ක් දැවී ලකුනු 238 ලබා සිටියද ඔවුන්ගේ ඉතිරි කඩුලු 6 ලකුණු 66 ක් තුල දැවී ගියේය.

මෙම ජයත් සමග 1986-87 වසරට පසුව එoගලන්තය ඔස්ට්‍රේලියවේදී අලුබදුන තරගමාලාවක පෙරමුණ ගැනීමට සමත් විය. මෙම පරාජය මෑත ඉතිහාසයේ ඔස්ට්‍රේලියව තරගයක් ඉනිමකින් පරාජය වූ පලමු අවස්ථාව වේ. ඊට අමතරව ඔස්ට්‍රේලියවේදී ඔස්ට්‍රේලියව ටෙස්ට් තරගයක් පරාජය වූයේ 2008 වසරට පසුය.

කෙටි ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියව පලමු ඉනිම 245/10
මයික් හසි 93
බ්‍රැඩ් හැඩින් 56
ජේම්ස් ඇන්ඩර්සන් 51/4

එoගලන්තය පලමු ඉනිම 620/5
කෙවින් පීටර්සන් 227
ඇලෙස්ට්යාර් කුක් 148
රයන් හැරිස් 84/2

දෙවන ඉනිම 304/10
මයිකල් ක්ලාක් 80
ෂේන් වොට්සන් 57
මයික් හසී 52
ග්‍රැහැම් ස්වාන් 91/5

තරගයේ වීරයා වශයෙන් කෙවින් පීටර්සන් නම් කරන ලදි. දෙරට අතර මීලග තරගය දෙසැම්බර් 16 පර්ත් හිදී ඇරඹේ.

බoගලාදේශයට පහසු ජයක්.




බoගලාදේශ සිම්බබ්වේ 3 වන එක්දින තරගයෙන් ලකුණු 65ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.මුලින්ම පන්දුවට පහරදුන් බoගලාදේශය කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 246ට පිලිතුරු වශයෙන් සිම්බබ්වේ කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 181ක් පමණි.

තරගයේ වීරයා වශයෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අබ්දුර් රසාක් නම් කෙරිණි.

කෙටි ලකුණු පුවරුව

බoගලාදේශය 246/7 50.0
ශකීබ් අල් හසන් 73
මුෂ්ෆිකර් රහීම් 63
ප්‍රොස්පර් උට්සේයා 38/4

සිම්බබ්වේ 181/10 48.1
ප්‍රොස්පර් උට්සේයා 67
අබ්ඩුර් රසාක් 14/4
ශෆිඋල් ඉස්ලම් 43/4

තරග 5 කින් සමන්විත තරගාවලිය මේ වන විට බoගලදේශය 2-1 වශයෙන් ඉදිරියෙන් සිටී. දෙරට අතර මීලග තරගය ලබන 10 වනදා චිතගොන් හිදී පැවත්වේ

එoගලන්තය ඉදිරියෙන්




4 වන දිනයට තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව අසීරු තත්වයක පසු වේ. සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔවුන් මේ වන විට කඩුලු 4 දැවී ගොස් ලකුණු 238 ලබා සිටී. ඒ එoගලන්තය පලමු ඉනිමට කඩුලු 5ක් දවී ලබා ගත් ලකුණු 620 ට පිලිතුරු වශයෙනි.

ඔස්ට්‍රේලියාව සිය පලමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 245 ක් පමණි.මේ අනුව ඔස්ට්‍රේලියාව එoගලන්තයට වඩා තවත් ලකුණු 137 ක් පිටුපසින් සිටී.

නොදැවී ක්‍රීඩා කරන මයික් හසී ලකුණු 44 ක් ලබා සිටී.අද උදෑසන එoගලන්තය වෙනුවෙන් පිටියට පිවිසි කෙවින් පීටර්සන් ලකුණු 227 කට දැවී ගිය අතර ඉයන් බෙල් නොදැවී ලකුනු 68 ක් රැස් කරන ලදි.තරගයේ අවසන් දිනය හෙටයි.

Sunday, December 5, 2010

බoගලාදේශ සිම්බාබ්වේ 3 වන එක්දින තරගය අද.



බoගලාදේශ සිම්බාබ්වේ 3 වන එක්දින තරගය අද ඩකා හීදී පැවත්වේ. කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයා මුලින්ම පන්දු යැවීමට තීරණය කරන ලදි.

තරගාවලියේ මීට පෙර පවතී තරග 2 දෙපිලම තරග 1 බැගින් ජය ගෙන සම තත්වයේ පසු වේ.

මේ වන විට මුලින්ම පන්දුවට පහර දෙන බoගලාදේශය පන්දුවාර 8කදී කඩුලු 2ක් දැවී ලකුණු 27 ලබා සිටී.

ශ්‍රී ලoකාව ටෙස්ට් වර්ගීකරණයේ පහලට.

ICCය අද නිකුත් කල නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලoකාව 5 වන ස්ථානයට පසුබැස තිබේ. මීට පෙර ශ්‍රී ලoකාව වර්ගීකරණයේ 3 වන තැන පසු විය. මෙම පසුබැස්මට ප්‍රධාන හේතුව වන්නේ කොදෙව් කණ්ඩායම සමග අද අවසන් වූ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වීමයි.

වර්ගීකරණයේ මුල් තැන ඉන්දියවටද දෙවන තැන දකුණු අප්‍රිකවටද හිමිව තිබේ.අද නිකුත් කල නවතම වර්ගීකරණය මෙසේයි.

. ප්‍රසාද ලකුණු
1.ඉන්දියව 129
2.දකුණු අප්‍රිකව 116
3.එoගලන්තය 112
4.ඔස්ට්‍රේලියවට 110
5.ශ්‍රී ලoකාව 109
6.පකිස්තානය 88
7.බටහිර ඉන්දීය කොදෙව් 85
8.නවසීලන්තය 80
9.බoගලාදේශය 07


ශ්‍රි ලoකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග කාල සටහන

1.දෙසැ 9 සූරියවැවදී - දිවා රත්‍රී
2.දෙසැ 11 සූරියවැවදී - දිවා රත්‍රී
3.දෙසැ 15 කොලඹ R.ප්‍රේමදාස - දිවා රාත්‍රී
4.දෙසැ 17 කොලඹ R.ප්‍රේමදාස - දිවා රාත්‍රී
5.දෙසැ 19 කොලඹ R.ප්‍රේමදාස - දිවා රාත්‍රී

T20 තරගය

දෙසැ 21 කොලඹ R.ප්‍රේමදාස - රාත්‍රී