Live matches

Tuesday, December 28, 2010

අළු බදුන 4 වන තරගය-එoගලන්තය ජයග්‍රහණය අභියස.

අළු බදුන තරගමාලාවේ මෙල්බර්න් හිදී පැවැත්වෙන 4 වන තරගයේ 3 වන දිනය අවසාන වනවිට ඕස්ට්‍රේලියාව දැඩි අසීරු තත්වයක පසුවේ. තරගය නවතන විට ඔවුන් සිය 2 වන ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් බේරීම සදහා තවත් ලකුණු 246 ක් ලබා ගත් යුතුය. නමුත් සියල්ල සදහා ඔවුන්ට තවත් ඇත්තේ කඩුලු 4 ක් පමණි.

අද දිනය ආරම්භ වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි එoගලන්තයේ පලමු ඉනිම ලකුණු 513 කට සීමාවිය. එoගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරභයක නිරත වූ ජොනතන් ට්‍රොට් නොදැවී ලකුණු 168 ක් ලබා ගන්නා ලදි. ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 98 ක් පමණි.

හෙට තරගයේ 4 වන දිනයයි.

.

නවසීලන්තයට ජය.

නවසීලන්තය හා පාකිස්තානය අතර තරග 3 කින් සමන්විත 20 තරගමාලාවේ 2 වන තරගයෙන්ද ලකුණු 39 ක ජයක් වාර්තා කිරිමට නවසීලන්තය අද සමත් විය. මේ අනුව තරග 3 කින් සමන්විත තරගමාලාව තරග 2-0 ක් වශයෙන් ජය ගැනීමටද ඔවුන් සමත් විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පලමුව පිටියට පිවිසි නවසීලන්තය සිය ඕවර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 185 ක් රැස් කරන ලදි. එයට පිලිතුරු වශයෙන් පාකිස්තානයට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146 ක් පමණි. තරගයේ වීරයා වශයෙන් ලකුණු 16 කට කඩුලු 4 ක් බිද හෙලූ නේතන් මැකලම් නම් කරන ලදි.

දෙරට අතර 3 වන තරගය 30 වනදා ක්‍රයිස්චච්හිදී පැවැත්වේ.

Monday, December 27, 2010

ඉන්දීය දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය.

ඉන්දීයාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හිදී පැවැත්වෙන 2 වන ටෙස්ට් තරගයේ 2 වන දිනය නිමාවන විට සිය 2 වන ඉනිම ක්‍රීඩා කරන ඉන්දීයාව කඩුලු 4 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටී.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දියාව සිය ප්‍රථම ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 205 ක් පමණි. ඊට පිලිතුරු ලෙස ප්‍රථම ඉනිමට දකුණු අප්‍රිකාවට රැස්කරගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 131 ක් පමණි. මේ අනුව මේ වන විට ඉන්දියාව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 166 ක් ඉදිරියෙන් සිටී.

මේ අනුව තරගය මේ වන විට දෙපිලටම විවෘතව පවතින අතර තරගයේ 3 වන දිනය වන හෙට දිනයේ උදය වරුව දෙපිලටම අතිශය තීරණාත්මක වේ.

පොන්ටින් දඩ කයි....!! - වීඩියෝව සමග

පොන්ටින් වාදය අතරතුර

ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් හට අළු බදුන ටෙස්ට් තරගමාලාවේ 4 වන තරගයේ තරග ගාස්තුවෙන් 40% ක දඩයක් නියම කිරීමට තරග තීරක රන්ජන් මඩුගල්ල මහතා තීරණය කර ඇත. ඒ පොන්ටින් තරගය අතරතුර පාකිස්තාන විනිසුරු අලීම් ඩාර් සමග විනිසුරු තීරණයක් සම්බන්ධව වාද කිරීමට යාම නිසාය.

මෙහිදී සිදුවුයේ එoගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්ගේ දැවීයාමක් සම්බන්ධව ඕස්ට්‍රේලියානුවන් කල ඉල්ලිමක් ඩාර් විනිසුරු ප්‍රතික්ෂේප කල අතර එම තීරණය අභියෝගයට ලක් කරමින් ඔවුන් 3 වන විනිසුරු සහය(Umpire Review) පැතීය. 3 වන විනිසුරුගේ තීරණය වූයේද එය නොදැවී යාමක් බවයි. මෙහිදී පොන්ටින් 3 වන විනිසුරුගේ තීරණය පිලිබදව අලීම් ඩාර් විනිසුරුට විරෝධය පලකිරීමට යාම නිසා දඩ නියම කිරීම සිදු කරන ලදි.

පොන්ටින් දඩ කයි....!!

මෙම සිදුවීමට අදාල විඩියෝව නැරඹීමට අපගේ මුල් පිටුවට(Home) පිවිසෙන්න.

Sunday, December 26, 2010

අළු බදුන 4 වන තරගය-එoගලන්තය ප්‍රබල තත්වයක

ජොනතන් ට්‍රොට්

අළු බදුන තරගමාලාවේ මෙල්බර්න් හිදී පැවැත්වෙන 4 වන තරගයේ 2 වන දිනය අවසන් වන විට එoගලන්ත පිල අතිශය ප්‍රබල ස්ථානයක පසුවේ. සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඔවුන් දිනය නිමා වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 444 ක් ලබා සිටියේය.

ඕස්ට්‍රේලියාව සිය ප්‍රථම ඉනිම ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 98 ක් පමණි. ඒ අනුව එoගලන්තය මේ වනවිට ඕස්ට්‍රේලියාවට වඩා ලක්ණු 346 ක් ඉදිරියෙන් පසුවේ.

එoගලන්තය වෙනුවෙන් නොදැවී ක්‍රීඩාකරන ජොනතන් ට්‍රොට් ලකුණු 141 ක්ද මැට් ප්‍රයර් ලකුණු 75 ක්ද ලබා සිටී. හෙට තරගයේ 3 වන දිනයයි.

ටිම් සවුතිගේ කඩුලු ත්‍රිත්වය- වීඩියෝ.