Live matches
Thursday, March 10, 2011
Tuesday, March 8, 2011
Wednesday, March 2, 2011
England vs Ireland full highlights, 2011 Cricket World Cup
එංගලන්ත හා අයර්ලන්ත කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් විය. එම තරගයේ සම්පූර්ණ විශේෂ අවස්ථා පහත වේ.
Tuesday, March 1, 2011
Wednesday, February 23, 2011
පොන්ටින්ට විනය පරීක්ෂණයක්.
පසුගිය සදුදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදී දුවද්දී දැවීයාමකට හසුවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක රිකී පොන්ටින් ඉන් අනතුරුව ක්‍රීඩාගාරයේ වූ රූපවාහිනී යන්ත්රයකකට පහරදී කුඩු කර ඇතැයි වාර්තවේ. මෙම සිද්ධිය සම්බන්දව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම තරගයේ තීරක වශයෙන් කටයුතු කල ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම තීරණය කර ඇත. පොන්ටින්ට හිමිවන දඩුවම ඉදිරියේදී ICCය මගින් ප්‍රකාශ කරනු ඇත.පසුගිය දෙසැම්බර් මාසයේද විනිසුරු තීරණයක් සමබන්ධයෙන් වීරෝධය පෑමට ගොස් පොන්ටින් හට දඩ නියම කර තිබිනි. ඒ සම්බන්ධ ලිපිය මෙතනින්.
පොන්ටින්ගේ දුවද්දී දැවීයාම සම්බන්ධ වීඩියෝව පහත දැක්වේ.
පොන්ටින්ගේ දුවද්දී දැවීයාම සම්බන්ධ වීඩියෝව පහත දැක්වේ.
Monday, February 21, 2011
Saturday, February 12, 2011
පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය.


නෙදර්ලන්ත කණ්ඩායම සමග අද SSC පිටියේදී පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 156 පහසු ජයක් හිමි විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 351 ක් රැස් කර ගැනීමට සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඩිල්ෂාන් ලකුණු 78, තිලාන් සමරවීර ලකුණු 60, චාමර සිල්වා ලකුණු 54, චාමර කපුගෙදර ලකුණු 50 හා උපුල් තරංග ලකුණු 47 ක් රැස් කරන ලදි.
පිලිතුරු ඉනිම සදහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 47.3 අවසානයේ සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 195 ක් පමණි. පන්දු යැවීමේදී දිල්හාර ප්‍රනාන්දු ලකුණු 43 කට කඩුලු 4 ක් බිද හෙලීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහභාගි වන මීලග පෙරහුරු තරගය පෙබ.15 වනදා කොදෙව් කණ්ඩායම සමග ප්‍රේමදාස පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ
Tuesday, February 8, 2011
ඉයොන් මෝර්ගන් ලෝක කුසලානයෙන් ඉවතට.

එංගලන්ත කණ්ඩායමේ ප්‍රභල මැදපෙල වමත් පිතිකරු ඉයොන් මොර්ගන් හට ලෝක කුසලාන තරගාවලිය අහිමිවී ඇත. ඇගිල්ලේ අබාධයක් නිසා මෙලෙස ඔහු සංචිතයෙන් ඉවත් කර අත. ඔහු වෙනුවට රවී බොපාරා එංගලන්ත කණ්ඩායමට කැදවා ඇත.
ලෝක කුසලානයෙන් මයික් හසී ඉවතට.


ලෝක කුසලානයට සහභාගි වන ඕස්ට්‍රේලියානු සංචිතයෙන් මයිකල් හසී ඉවත් කර තිබේ. මෙයට හේතුවී ඇත්තේ ඔහුට මතුවී ඇති ආබාධිත තත්වයයි. තවද ආබාධයක් නිසා ඕස්ට්‍රේලියානු දග පන්දුයවන ක්‍රීඩක නේතන් හව්රිට්ස්ද සංචිතයෙන් ඉවත්කර ඇත. ඔවුන් දෙදෙනා වෙනුවට කැලම් ෆර්ගසන් හා ජේසන් ක්‍රැජ්සා ලෝක කුසලාන සංචිතයට කැදවා ඇත.
තවද ඉන්දියානු වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් කුමාර්ද ආබාධයක් නිසා ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්කර ඇත. ඒ වෙනුවට S ශ්‍රීසාන්ත් සංචිතයට කැදවා ඇත.
Monday, February 7, 2011
ලෝක කුසලාන ටිකට් නිකුත් කිරීම.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් නිකුත් කිරීම අද දින අත්හිටුවා ඇත. අද දින පස්වරු 3 සිට 7 දක්වා කලින් වෙන්කරගත් ටිකට් පමණක් නිකුත් කරනු ඇත. තවද හෙට සිට 17 වනදා දක්වා පෙරවරු 11 සිට පස්වරු 7 දක්වා කලින් වෙන්කරගත් ටිකට් පත් කොලඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ක්‍රිකට් මූලස්ථානයෙන් ලබාගත හැක.
පෙබරවාරි 14 වනදා සිට රුපියල් 50 ටිකට් නිකුත් කිරිමද නැවත ඇරඹෙන අතර එම ටිකට් පත් ක්‍රිකට් මූලස්ථානයෙන් හා තරග පැවැත්වෙන ක්‍රීඩාංගන 3 දී ලබාගත හැක.
Sunday, February 6, 2011
Saturday, February 5, 2011
පාකිස්තාන ක්‍රීඩකයන්ට තරග තහනමක්.

පසුගිය වසරේ පැවති පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර තරග පාවදීමේ චෝදනා ලැබූ පාකිස්තාන ක්‍රීඩකයන්ට තරග තහනමක් පැනවීමට ICCය තීරණය කර ඇත.
ඒ අනුව එම සංචාරයේ පාකිස්තාන නායකයා ලෙස ක්‍රියාකල සල්මන් බට් හට වසර 10ක්ද වේග පන්දු යවන ක්‍රීඩකයන් වන මොහොමඩ් අසීෆ් හට වසර 7ක්ද මොහොමඩ් අමිර් හට වසර 5කද තරග තහනමක් පනවා ඇත.
Friday, February 4, 2011
Thursday, February 3, 2011
ලෝක කුසලාන කාලසටහන ඔබේ පරිගණකයට.

ලෝක කුසලානයේ සම්පූර්ණ තරග විස්තර ඇතුලත් මෙම වැඩසටහන Download කර ඔබේ පරිගණකයට Install කරගන්න. ඒ සදහා පහත යොමුවට යන්න.
2 වන තරගයෙන් ශ්‍රී ලංකාවට ජය.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගමාලාවේ අද පැවති දෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8 ක පහසු ජයග්‍රහණයක් හිමි විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රීලංකා නායකයාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිවිසි කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 203 ක් පමණි. කොදෙව් පිල වෙනුවෙන් ඩිවේන් බ්රාවෝ ලකුණු 39 ක් රැස් කරන ලදි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 3 ක්ද මුත්තයියා මුරලිදරන් හා නුවන් කුලසේකර කඩුලු 2 බැගින්ද ලබා ගන්නා ලදි. මෙම තරගයේදී නුවන් කුලසේකර සිය එක්දින දිවියේ සියවන කඩුල්ල දවා ගැනීමටද සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 204 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණය කරන ලදි. මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ උපුල් තරංග නොදැවී ලකුණු 101 ක් රැස්කරන ලදි. තරගයේ වීරයා වශයෙන්ද තරංග නම් කරනලදි.
ඒ අනුව තරගාවලියේ තරග 1-0ක් වශයෙන් ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකාව සමත්විය. දෙරට අතර තරගාවලියේ අවසන් තරගය ලබන ඉරිදා (පෙබ 6) SSC පිටියේදීම පැවැත්වේ.
Friday, January 28, 2011
කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගි වීම සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (28) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. පසුගිය වසරේ වර්ෂාව නිසා කල්දැමූ තරගාවලිය මේසේ පැවැත්වේ.
තරගාවලියට සහභාගීවන දෙරටේම සංචිත වලට ලෝක කුසලානය සදහා නම් කල ක්‍රීඩකයින් 15 දෙනා ඇතුලත් වේ. තරගාවලිය ලබන 31 වනදා ආරම්භ වන අතර තරග 3 ම කොලඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී දිවා තරග වශයෙන් පැවැත්වේ. තරගාවලියේ අනෙක් තරග දෙක පෙබරවාරි 3 හා 6 යන දිනවලදී පැවැත් වේ.
Friday, January 21, 2011
ප්‍රේමදාස පිටියේ වැඩ අවසන්.


ලෝක කුසලාන තරගාවලිය සදහා ප්‍රතිසංස්කරණය කල කොලඹ R.ප්‍රේමදාස පිටියේ වැඩ කටයුතු අවසන් වී ඇත. වැඩ අවසන කල පිටිය ලෝක කුසලානයට සූදානම් කිරීම සදහා පසුගිය දා ICCය වෙත භාරදී ඇත.වැඩ අවසන් කල පිටියේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ.
ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී.

ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. නමුත් දිගටම එක්දින පිටියේ හා T20 තරග සදහා සහභාගි වන බවද ඔහු ප්‍රකාශ කරයි. ඔහු ටෙස්ට් තරග 30 ක් මේ වනවිට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු කඩුලු 101 ක් බිදහෙලා ඇත.
ටෙස්ට් තරගවලදී ඇතිවන අධික වෙහෙස නිසා අබාධ වලට ගොදුරු වීමේ අවදානම නිසා ඔහු මේ තීරණය ගන්නට ඇත. පසුගිය කාලයේදී ඔහුට පාදයේ ආබාධයක් නිසා වසරකට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමටද සිදුවිය.
මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී.

එලඹෙන ලෝක කුසලානය අවසානයේ තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව මුත්තයියා මුරලිදරන් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. ඔහු මීට පෙර පසුගිය වසරේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරන ලදි.
ක්‍රිකට් ඉතිහාසයේ එක්දින හා ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති පන්දු යවන්නා වන්නේද මුරලිය. ඔහු ටෙස්ට් කඩුලු 800 ක්ද එක්දින කඩුලු 517 ක්ද මේ වන විට දවාගෙන ඇත.
ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තද IPL තරගාවලියට හා එංගලන්ත ප්‍රාන්ත තරග වලට සහභාගි වීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කලේය. තවද ජාත්‍යන්තර පිටියෙන් සමුගත් පසු හිටපු ඉන්දීය පාදග පන්දුයවන්නෙකු වන අනිල් කුම්බ්ලේ සමග එකතුව බැංගලෝර්හී දග පන්දු යවන්නන් සදහා ඇකඩමියක් ඇරඹීමට බලපොරොත්තු වනබවද මීට පෙර මුරලි ප්‍රකාශ කර තිබිණි.
Tuesday, January 18, 2011
Monday, January 17, 2011
සනත් ජයසූරියගෙන් තුන් ඉරියව් දස්කම්.

අන්තර් පලාත් එක්දින තරගමාලවේ අද පැවති බස්නාහිර හා රුහුණු කණ්ඩායම් අතර තරගයකදී සනත් ජයසූරිය තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය. රුහුණු කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිසි සනත් පන්දු 67 ක්දී වේගවත් ලකුණු 71 ක් වාර්තා කිරීමට සමත් විය. තවද ඔහු පන්දු යැවීමේදී පන්දුවාර 9 කදී ලකුණු 48 කට කඩුලු 2 ක් දවා ගැනීමටද සමත් විය.
සනත් මෙම තරගමාලවේ පෙරේදා පැවති තරගයෙකදීද ඌව කණ්ඩායමට එරෙහිව ලකුණු 97 ක් රැස් කිරීමටද සමත් විය. නමුත් ඔහු මීට පෙර පැවති අන්තර් සමාජ තරගාවලියේදී මෙවන් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වීම නිසා ලෝක කුසලාන සංචිතයට ඔහුට ඇතුලත් වීමට නොහකි විය.
Subscribe to:
Posts (Atom)