Live matches

Friday, January 7, 2011

අළු බදුන තරගාවලියේ ඡායාරූප හා වීඩියෝ








අවසාන තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය


ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි.(අවසාන 15)



2011 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කරන ලදි.

  1. කුමාර සංගක්කාර (නායක )
  2. මහේල ජයවර්ධන (උප නායක )
  3. තිලකරත්න ඩිල්ෂාන්
  4. උපුල් තරංග
  5. චාමර සිල්වා
  6. චාමර කපුගෙදර
  7. තිලාන් සමරවීර
  8. ඇන්ජලෝ මැතිව්ස්
  9. තිසර පෙරේරා
  10. නුවන් කුලසේකර
  11. ලසිත් මාලිංග
  12. දිල්හාර ප්‍රනාන්දු
  13. මුත්තයියා මුරලිදරන්
  14. අජන්ත මෙන්ඩිස්
  15. රංගන හේරත්

Thursday, January 6, 2011

එංගලන්තය ඉතිහාසය අලුත් කරයි.



වසර 25 කට පසු ඕස්ට්‍රේලියාව තුලදී අළු බදුන ශුරතාවක් ජයග්‍රහණය කිරීමට එංගලන්තය අද සමත් විය. ඔවුන් තරගාවලිය ජයගත්තේ තරග 3-1 ක් වශයෙනි. එහි ඇති විශේෂතිවය වන්නේ එංගලන්තය ජයගත් තරග 3 ම ඉනිමකින් ජය ගැනීමය. එය අළු බදුන ඉතිහාසයේ නව වාර්තවකි.

අද තරගය ඔවුන් ජය ගත්තේ ඉනිමකින් හා ලකුණු 83 කිනි. ඕස්ට්‍රේලියාව සිඩ්නි හිදී ටෙස්ට් තරගයක් පරාජයට පත් වූයේ 2003 වසරට පසුය. අද තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා වශයෙන් එංගලන්තයේ ඇලෙස්ටියාර් කුක් නම් කරන ලදි. ඔහු තරගාවලිය පුරාවට ඉනිම 7 කදී ලකුණු 750 කට වඩා රැස් කල අතර ඊට ද්විත්ව ශතකයක් ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් රැස්කරන ලදි. එයද අළු බදුන ඉතිහාසයේ නව වාර්තාවකි.

කුක්ට අමතරව තරගාවලියෙදී එංගලන්තය වෙනුවෙන් නායක ඇන්ඩෘ ස්‍රවුස්, ජොනතන් ට්‍රොට්, කෙවින් පීටර්සන්, ඉයන් බෙල්, මැට් ප්‍රයර් පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූහ. එංගලන්ත පන්දුයවන්නන් අතර ජේම්ස් ඇන්ඩෙර්සන්, ක්‍රිස් ට්‍රෙම්ලට් හා ටිම් බ්‍රෙස්නන් අති විශිෂ්ට දස්කම් ප්‍රදර්ෂනය කලහ.

දෙරට අතර මීලගට T20 තරගාවලියක් හා එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය ජනවාරි 12 වනදා ආරම්භ වීමට නියමිතය.

එංගලන්තය ජයග්‍රහණය අභියස.



වසර 25 කට පමණ පසු ඕස්ට්‍රේලියාවේදී අළු බදුන ශූරතාවක් හිමිකර ගැනීමට එංගලන්තය ආසන්නයේ සිටී. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 3 ක් දවා ගැනීම පමණි.

සිඩ්නි හිදී පවැත්වෙන 5 වන ටෙස්ට් තරගයේ 4 වන දිනය අවසාන වන විට ඕස්ට්‍රේලියාව සිය 2 වන ඉනිම සදහා කඩුලු 7 ක් දැවී ලකුණු 213ක් ලබා සිටී. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සදහා ඔවුන් තවත් ලකුණු 161 ක් ලබා ගත යුතුය. සිය ප්‍රථම ඉනිම සදහා ඕස්ට්‍රේලියාව සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 280 ක් පමණි. ඊට පිලිතුරු වශයෙන් එංගලන්තය ප්‍රථම ඉනිමට සියල්ලන් දැවී ලකුණු 644 ක් රැස් කරන ලදි. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඇලෙස්ටියාර් කුක් ලකුණු 189 ක් රැස් කරගන්නා ලදි. මේ වනවිට කුක් මෙවර අළු බදුන තරගාවලියේදී ලකුණු 750 කට වඩා රැස්කර අති අතර එය අළු බදුන ඉතිහාසයේ තරගාවලියකදී ක්‍රීඩකයෙකු රැස් කල දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. එංගලන්ත ඉනිම වෙනුවෙන් මීට අමතරව ඉයන් බෙල් ලකුණු 115 ක්ද මැට් ප්‍රයර් ලකුණු 118 ක්ද රැස් කරන ලදි.

Tuesday, January 4, 2011

සංගක්කාරගෙනුත් ශතකයක්.



අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගමාලවේ අද පැවති තරගයකදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර ශතකයක් වාර්තා කරන ලදි. ඔහු ක්‍රීඩා සමාජය හා ලංකන්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේදී NCC පිල වෙනුවෙන් පන්දු 140 කදී 4 පහර 11 ක් සමග ලකුණු 133 ක් වාර්තා කරන ලදි.

මේ අතර අද පැවති තවත් තරගයකදී තිලකරත්න ඩිල්ෂාන් පිට පිටම වාර්තා කල 2 වන ශතකයද වාර්තා කිරීමට සමත් විය. ඔහු අද බදුරලිය කණ්ඩායම සමග පැවති තරගයේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරමින් පන්දු 60 කදී වේගවත් ලකුණු 100 ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට 4 පහර 16 ක්ද 6 පහර 3 ක්ද අන්තර්ගත විය.

මේ අනුව මෙවර තරගවාරයේදී ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන සියලුම පිතිකරුවන් පාහේ ලකුණු අතර සිටින අතර මෙලෙස ලෝක කුසලානය ආරම්භයට දින කිහිපයක් තිබියදී අපගේ ප්‍රධාන පිතිකරුවන් ලකුණු අතර සිටීම අතිශය සතුටුදායක කාරණයකි.

Monday, January 3, 2011

ඩිල්ෂාන්ගෙනුත් සුපිරි ඉනිමක්.



අද අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රීඩා සමාජය අතර පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවතී එක්දින තරගයකදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99 කදී නොදැවී ලකුණු 133 ක් රැස් කර ගන්නා ලදි. මෙම ඉනිමට 4 පහර 21 ක්ද 6 පහර 3 ක්ද ඇතුලත් විය. මෙවර තරගමාලවේදී ඩිල්ෂාන්ගේ පිත්ත පලමු වරට අද ක්‍රියාත්මක විය.

මෙවර තරගමාලවේ දෙවන සතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර මේ වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන බොහෝ පිතිකරුවන් ශතක වාර්තා කර ඇත. ඒ අතර උපුල් තරංග, මහේල ජයවර්ධන, චාමර කපුගෙදර ප්‍රධාන වේ. මෙසේ ලෝක කුසලානය ආසන්නයේ අපගේ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම අතිශය වැදගත් වේ.

අළු බදුන පස්වන තරගය.



අළු බදුන ටෙස්ට් තරගමාලාවේ අවසාන තරගය අද සිඩ්නි හිදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. අද තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මයිකල් බියර් හා උස්මාන් කව්ජා ටෙස්ට් වරම් හිමිකරගන්නා ලදි. ඒ අනුව කව්ජා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් පලමු මුස්ලිම් ජාතිකයා බවට පත් විය.

අද දිනය නිමාවන විට ඕස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියේය. හෙට තරගයේ දෙවන දිනයයි.

මේ වන විටත් ඉදිරි වසර 2 හි අළු බදුනේ හිමිකාරීත්වය එංගලන්තය හිමි කරගෙන සිටී. තවද 1986 වසරෙන් පසු ඕස්ට්‍රේලියාවේදී අළු බදුන ශූරතාවක් හිමිකර ගැනීමේ අවස්ථාවද මේ වන විට එංගලන්තයට හිමිව තිබේ.