Live matches

Thursday, December 16, 2010

ඕස්ට්‍රේලියාව 268 දැවී යයි.



අළු බදුන 3 වන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය තුල ඕස්ට්‍රේලියාව ප්‍රථම ඉනිම සදහා ලකුණු 268 කට සියල්ලන්ම දැවී ගියේය. දිනය අවසන් වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන එoගලන්තය කිසිවෙකු නොදැවී ලකුණු 29 ක් ලබාගෙන සිටියේය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ජොන්සන් ලකුණු 62ක්ද මයික් හසී ලකුණු 61ක්ද බ්‍රැඩ් හැඩින් ලකුණු 53ක්ද රැස් කලේය. එoගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වු ජේම්ස් ඇන්ඩර්සන් හා ක්‍රිස් ට්‍රෙම්ලට් කඩුලු 3 බැගින්ද ග්‍රැහැම් ස්වාන් හා ස්ටීව් ෆින් කඩුලු 2 බැගින්ද දවා ගන්න ලදි.

එoගලන්තය ආරම්භක පිතිකරුවන් වන ඇන්ඩෘ ස්ට්‍රව්ස්(12*) හා ඇලෙස්ටියා කුක්(17*) නොදැවී කඩුල්ලේ රැදී සිටී.

ඉන්දීය දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා.



ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී ආරම්භ වීමට නියමිත වූ ටෙස්ට් තරගයට වර්ෂාව බාධා පමුණුවා ඇත. මේ නිසා ප්‍රථම දින තරගය ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයක පවතී.

මේ වන විට පවතින අධික වර්ශාව නිසා පිටියේ කොටසක් සුළු වශයෙන් ජලයෙන් යටවී ඇත.

Wednesday, December 15, 2010

අළු බදුන 3 වන ටෙස්ට් තරගය ඇරඹෙයි.



අළු බදුන ටෙස්ට් තරග මාලාවේ 3 වන තරගය අද (16) බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී ආරම්භ විය. කාසියේ වාසිය දිනා ගත් එන්ගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රව්ස් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කරන ලදි.

නමුත් අද තරගයේදීද සාර්ථක ආරම්ඹ්භයක් ලබා ගැනිමට ඕස්ට්‍රේලියාව අසමත් විය. ඔවුන්ගේ මුල් කඩුලු 3 ලකුණු 28ක් තුල මේ වන විට දවා ගැනීමට එන්ගලන්ත පන්දු යවන්නන් සමත්ව සිටී. තරගාවලිය පුරාම අසාර්ථක වූ ඕස්ට්‍රේලියා නායක රිකී පොන්ටින් අද තරගයේදීද ලකුණු 10 කට දැවී ගියේය.

අද තරගයේදී එන්ගලන්ත කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ආබාධයකට ලක් වූ ස්ටුවට් බ්‍රෝඩ් වෙනුවට ක්‍රිස් ට්‍රෙම්ලෙට් කැදවා ඇති අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වෙනස්කම් 4 ක් සිදු කර ඇත. ඒ අනුව පිල් හියුග්ස්, ස්ටිව් ස්මිත්, මිචෙල් ජොන්සන් හා බෙන් හිල්ෆින්හස් කණ්ඩායමට කැදවා ඇත.

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම


2010 වසර සදහා නියමිත වූ සියලු එක්දින ජාත්‍යන්තර තරග අවසානයේ ICCය මගින් නිකුත් කල එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම මෙසේය.

එම වර්ගීකරණය අනුව ප්‍රථම ස්ථානය ඔස්ට්‍රේලියාවටද, දෙවන ස්ථානය ඉන්දියාවටද, තෙවන ස්ථානය ශ්‍රී ලoකාවටද හිමි වී ඇත.

-------------------------------ප්‍රසාද ලකුණු
  1. ඔස්ට්‍රේලියව -------------- 128
  2. ඉන්දියාව----------------- 121
  3. ශ්‍රී ලoකාව ---------------- 118
  4. දකුණු අප්‍රිකව-------------- 115
  5. එoගලන්තය--------------- 112
  6. පකිස්තානය -------------- 100
  7. නවසීලන්තය-------------- 91
  8. බටහිර ඉන්දීය කොදෙව් ---- 67
  9. බoගලාදේශය-------------- 66
  10. අයර්ලන්තය--------------- 39
  11. සිම්බාබ්වේ---------------- 37
  12. නෙදර්ලන්තය------------- 17
  13. කෙන්යාව ---------------- 00


Monday, December 13, 2010

2011 ලෝක කුසලානය සදහා ශ්‍රි ලoකා සoච්තය නම් කරයි.



30 දෙනෙකුගෙන් සමන්විත සන්චිතය මෙසේයි.
  1. කුමාර සoගක්කාර
  2. මහේල ජයවර්ධන
  3. තිලකරත්න ඩිල්ශාන්
  4. දිනේෂ් චන්දිමාල්
  5. උපුල් තරoග
  6. තරoග පරණවිතාන
  7. චාමර සිල්වා
  8. චාමර කපුගෙදර
  9. තිලාන් සමරවීර
  10. ලහිරු තිරිමාන්න
  11. තිලිණ කණ්ඩම්බි
  12. ඇන්ජලෝ මැතිව්ස්
  13. තිසර පෙරේරා
  14. ෆර්වීස් මහරුෆ්
  15. ජීවන් මෙන්ඩිස්
  16. සුරාජ් රන්දිව්
  17. මුත්තයියා මුරලිදරන්
  18. රoගන හේරත්
  19. මලිoග බණ්ඩාර
  20. අජන්ත මෙන්ඩිස්
  21. චමින්ද වාස්
  22. ලසිත් මාලිoග
  23. දිල්හාර ප්‍රනාන්දු
  24. නුවන් කුලසේකර
  25. නුවන් ප්‍රදීප්
  26. තිලාන් තුෂාර
  27. ධම්මික ප්‍රසාද්
  28. සනත් ජයසූරිය
  29. සුරoග ලක්මාල්
  30. චානක වෙලගෙදර
මේ 30 දෙනා අතරින් අවසන් 15 දෙනා ලබන මස 19 වනදා නම් කිරීමට නියමිතය.

Sunday, December 12, 2010

බoගලිදේශයට ජය.



බoගලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරගමාලාව තරග 3-1 ක් වශයෙන් ජය ගැනීමට බoගලාදේශ කණ්ඩායම අද සමත් විය. දෙරට අතර පැවති අවසාන තරගයෙන්ද කඩුලු 6ක ජයක් බoගලාදේශයට හිමි විය.

තරගයේ වීරයා වශයෙන් ලකුණු 95ක් රැස් කල තමීම් ඉක්බාල්ද තරගාවලියේ වීරයා වශයෙන් අබ්ඩුර් රසාක්ද නම් කරන ලදි.

IPL ක්‍රීඩක වෙන්දේසිය ලගදීම.



ඉන්දීය ප්‍රීමියර් ලීග්(IPL) තරගමාලාවේ 4 වන අදියර සදහා වන ක්‍රීඩක වෙන්දේසිය ලබන ජනවාරි 8,9 යන දෙදින පැවත්වීමට නියමිතය. 4 වන අදියරේ තරගාවලිය අප්‍රේල් මස 2 වනදා ඇරඹීමට නියමිතය.

4 වන අදියරේ විශේෂත්වය වන්නේ නව කණ්ඩායම් 2ක් තරගාවලියට ඇතුලත් වීමය. එම කණ්ඩායම් 2 වන්නේ මහාරාශ්ට ප්‍රදේශය නියෝජනය කරන "පූනේ වොරියර්ස්" හා කේරල ප්‍රදේශය නියෝජන්ය කරන "කොචි" යන කණ්ඩායම්ය. කෙසේ නමුත් තරගාවලියට මින් පෙර සහභාගි වූ කින්ස් XI පන්ජාබ් හා රජස්තාන් රෝයල්ස් යන කණ්ඩායම් IPL සoවිධායකයන් සමග ඇති කරගත් ප්‍රශ්නයක් මත තහනමකට ලක් කර ඇත. එම නිසා එම කණ්ඩායම් දෙකේ සහභාගීත්වය අවදානමක පවතී.

මෙවර වෙන්දේසියේදී ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හැරෙන්නට අනෙකුත් සියලු ක්‍රීඩකයන්ම පාහේ වෙන්දේසියට ලක්වනු ඇත. තම කණ්ඩායමේ දැනට සිටින ක්‍රීඩකයන් 4 දෙනෙකු පමණක් තම කැමත්ත මත වෙන්දෙසියට ඉදිරිපත් නොකර ඉදිරියටත් කණ්ඩායමේම තබා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව සලසා ඇත. නමුත් බොහෝ හිමිකරුවන් තම මුළු කණ්ඩායමම වෙන්දේසියට ඉදිරිපත් කර ඇත.

ඉදිරියටත් සිය කණ්ඩායමේම රදවා තබා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් උනන්දු වූ ක්‍රීඩකයන් මෙසේය.
  • රාජස්තාන් රෝයල්ස් - ෂේන් වෝන්, ෂේන් වොට්සන්
  • මුම්බායි ඉන්දියන්ස් - සචින් ටෙන්ඩුල්කාර්, කිරන් පොලාර්ඩ්, ලසිත් මාලිoග, හර්බජාන් සිo
  • චෙන්නයි සුපර් කින්ග්ස් - MS දෝනි, සුරේශ් රයිනා, මුරලි විජේ, ඇල්බි මෝර්කල්
  • දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් - විරේන්ද්‍ර ෂේවාග්
  • බැoගලෝර් රෝයල් චැලෙන්ජර්ස් - විරාත් කෝලි
මේ අනුව කොල්කටා නයිට් රයිඩර්ස්, ඩෙකෑන් චාජර්ස් හා කින්ස් XI පන්ජාබ් යන කණ්ඩායම් අලුත්ම ක්‍රීඩකයන් පිරිසක් නියෝජනය කරනු ඇත.තවද මේ අනුව එලඹෙන IPL තරගාවලිය අලුත් ක්‍රීඩක එකමුතුවකින් සමන්විත කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත.